Thursday, January 17, 2013

නුපුරුදු සුවඳ...

දැනෙනවා මට තවම
නුඹේ නුපුරුදු සුවඳ...
හැ‍ඟෙනවා මට තවම
පසෙකින් නුඹ සිටිනා බව....

සිතකින් නම් නොවේ මම
වෙන්ව ගියේ අද දින....
විඳිනවා තවම මම
නුඹේ ඔය ආදරය....

දෙතොලඟ පුරා ‍රැඳුනු
සිනහවට පෙම් කලා මම....
දෑඟිලි පටලා සුරත ගෙන
සිපගත්තා මම නුඹේ මුව...

මොහොතකට පෙර නික්මෙන්න
දු‍ටුවා මම නුඹේ වත...
දහසකුත් වදන් සිරවෙලා
කඳුළු පිරි දෙනෙත් අග..

ගෙවුනු කාලය නුඹ ලඟ
සොඳුරුයි නුඹසේම...
මියැදෙන්න හිතෙනවා මට
සදහටම නුඹේ ලඟ..............


16 comments:

  1. ලොක්කය්යා කලෙකින්....

    ලස්සනයි නිසදැස

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලී.... මේ දවස් වල ටිකක් busy

      Delete
  2. ගෙවූ කාලය සිහිනයක් වෙද.......හ්ම්ම්ම්ම්ම්ම්

    ReplyDelete
    Replies
    1. // සිහිනෙන් සිහිනෙට ඔබ එනවා.. // කියාගෙන ඉන්න තමයි තියෙන්නෙ..

      Delete
  3. ලොක්කයියේ මියැදෙන්න හිතන්නෙපා බං....

    ReplyDelete
  4. //විඳිනවා තවම මම
    නුඹේ ඔය ආදරය....//

    මට නම් පේන්නෙ විඳවනවා වගේ :(

    ReplyDelete
    Replies
    1. නෑ... තාම විඳිනවා... විරහව සුන්දරයි ලු...

      Delete
  5. I'm waiting for that....

    ReplyDelete
  6. කාලෙකින්නේද ????
    නිසදැස මරු

    ReplyDelete
    Replies
    1. ඔව් ඉස්සරටත් වඩා වෙලාව අඩුවෙලා.. job එකේ හැටි තමයි...

      Delete
  7. ගෙවුනු කාලය නුඹ ලඟ
    සොඳුරුයි නුඹසේම...
    මියැදෙන්න හිතෙනවා මට
    නුඹේ ලඟ සදහටම..............

    කියන්න වචන නෑ සුපිරියි ලොකූ

    ReplyDelete
  8. මන්දා ඇයි කියලා මම ලොක්කයියාගේ කවි වලට කැමති. හ්ම්ම්....

    ReplyDelete
    Replies
    1. සමහර විට එකම විදිහෙ අත්දැකීම් වෙන්න ඇති...

      Delete
  9. පෙම්වතුන් ගේ මතකයන් සදා නොමැකේ...

    ReplyDelete