ලොක්කයියා..
සිහිනයක් සිත්තමට නැගුවෙමි...
Tuesday, May 28, 2013
රාහුලයෙක් ඇවිත්...
අනේක විධ බැඳීම් මැද,
තවත් බැඳීමක්...
දහසකුත් සිනහ මැද,
තවත් එක් සිනහවක්......
මිදෙන්නට සිතන විට මේ,
නිමක් නොපෙනෙන සංසාරෙන්...
මෙන්න ....
රාහුලයෙක් ඇවිත්...
Sunday, May 12, 2013
විලම්බීත නගරය..
යක්දෙස්සියන්ද?,
දෙවඟනන්ද?,
සිහින දකින පරාදීසයේ..
ඉඟි පාන විසල් නෙතු යුග
සැරිසරන මේ සුරපුරේ....
සල්ලාල සිත් එක්ක,
නිදි වදින මේ මැදියමේ...
ආත්මයට ගිනිතියන,
උන් ඉන්නෙ මේ නගරයේ..
නිමක් නොපෙනෙන මේ
සංසාර චක්රයේ....
මම කොහෙද කොතැනකද,
මේ විලම්බීත නගරයේ............
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)