Tuesday, August 12, 2014

මතකද හැන්දෑවක..

මතකද හැන්දෑවක,
සුලැඟිල්ලට මං නුඹේ,
පුංචි මුදුවක් දැම්මා..

පලඳින්නට මතු දිනයක,
රන් මුදුවක සිහිනය,
අපෙ හිත් තුල රන්දා....

දෛවයේ සරදමට,
අපි අපේ නොවුනාට,
අනේ අපි අද මුදු පලඳලා..

වෙනකෙකු අතගෙන,
අපේ සිහිනය බිඳගෙන,
අනේ අපි අද මුදු පලඳලා..

3 comments:

  1. තනි ඇහැට ඇඩෙනවා බං..

    ReplyDelete
  2. මොනා කරන්නද ඉතින්..

    බඳින්න කලින් මුදු දෙන්න හොද නෑ කියනවනේ..

    ReplyDelete
  3. ඇයි අනේ ඕක නොදා හිිටියනං අහවරයි නේ...

    ReplyDelete