Saturday, August 29, 2015

මගේ කතාව..

පරණ මතක ගොඩක්‌ මට හම්බුනා මට.. දුකයි ඒ ගොඩක්‌ එවා දැක්‌කම... අන්තිමට මේ හැමදේම නැති වෙලා ලියපු කවි විතරක්‌ ඉතිරි වෙලා... ජිව්තේ මාර දෙයක්‌ අප්පා.. මට නම් අහපු හැරිල බැලුවාම මේ හැමදේම හීනයක්‌ වගේ... ඔයා දන්නේ නැති ඔයාට නොකියපු ගොඩාක්‌ දෙවල් තියෙනව මගේ හිතේ.. එකක්‌ කියන්නම්.. ඔයා නිස තමා මන් කැපකිරිම ඉගෙන ගත්තේ.. ජිව්තේදි එකතු කරපු දෙවල් දෙන්න පුරුදු උනේ..

හම්බුනා මට මන් ම ලියපු කවි... එ අතරේ ඔයාට මතක හිටින දවස්‌ කිහිපයක ලියපු කවි කීපයක්‌ මෙකේ ලියලා එවන්නම්.. 

සිත් මල පිපි ඇත
එහෙත් නුඹ නැත
හද විල තාමත්
බලගෙන ඇත
එහෙත් නුඹ නැත
නෙතු මානයේ 
තරු කැකුළ ලග
හිත ගැබ
නිමී ගිය සද
හිත අහසට
හිරූ පෑයුවත්
අදුර අදුරම වී
අවසනයි
සදහටම
2003-07-11

සිතින් මා සිතා
නෙතින් හඩා වැටී
කොපුල් දිගේ ගලා ගිය
කදුලු කැටයක දියවී ගිය
ප්‍රේමය
නිමා වී අවසන බව
සිතාගන්නට නොහැක සොදුර
නුඹ දුර බව 
තාමත් පසක්‌ නොවුයේ
මන්ද?
නුඹවත් දන්නෙද එය
2004-07-11

ජිවිතේ අයෙමත් ආයෙත් 
නොලැබෙන බව නුබ
කිවත් හිතට
නොදන්න තරමට
එකම එක වරක්‌ දකින්නට
නුඹෙ සිනහව
ආයෙමත් ආයෙත් 
එන්නට හිතෙනවා
අපි මුනගැහුනු
ඒ නගරයට
2005-07-11

ඊට පස්‌සෙ මන් කවි ලියන එක අත ඇරියා..අයෙත් කවි ලිව්වෙ 2007 වල...

එ අතරේ මන් ලියපු ආසම කවියක්‌ තමයි  "වසන්තය ගෙවු කාමරය" වෙඩින් එකට දවස්‌ දෙකකට කලින් ලියපු එ කවියේ  තිබ්බා ... අන්තිමට මෙහෙම ලියල
"වසන්තය ගෙවු කාරමය,
ඉතින් අවසරයි මට,
නික්‌ම යන්නට
දුකයි.. නෑ බයයි...
විවහයට බයේ නොවී,
යතාර්ථයත්.. මගේ ජිවිතයත් දුර බැවිනි"

හ්ම් 

එක අතකට මන් සතුටුයි මේ ජිවිතේට... වෙච්ච සමහර දෙවල් උනේ මගේ හොදට... සමහර දෙවල් උනේ.. අනිත් අයගේ හොදට
කමක්‌ නෑ අන්තිමට අපි කවුරු කවුරුත් සතුටින් නම්...
එච්චරයි.
සුදු

----------------------------------------------------------------------------------------------------------------------

මේ මා ඇයගෙන් ලද අවසන් ලිපිය නොවුනද, අපගේ සුන්දර අතීතයට පෙරවදනක් වේයැයි මා සිතමි.

මේ මගේ කතාවේ ආරම්භයයි....