Monday, November 14, 2016

මියදුනත් මා නුඹත් අහිමිව...

නුඹ දකිනු රිසි මම,
රැජිණක් ලෙසින් හැම දින,
සිනහවෙන් පිරුනු මුව,
සොඳුරුයි නුඹට හැම විට...

ඉඳින් මේ ප්‍රේමය,
දුකක් නම් නුඹ හට,
වහළියක් වී අසම්මතයට,
හඬනු කිම අද දුර්වලව...

මිදී පියඹන්න හනිකට,
නුඹට පුරුදු ලෝකෙට,
නපුර රජයන,
මා නොමැති අතීතෙට.....

මියදුනත් මා නුඹත් අහිමිව,
ආදරයෙන් හද පුරෝගෙන,
වෙන්න සොඳුරු බිරිඳක්,
නුඹේ හිමි කුමරුට.......

෴ ලොක්කයියා ෴



2 comments:

  1. ලස්සනයි මචෝ...පින්තුරෙයි කවියයි දෙකම්..

    ReplyDelete
  2. සුපිරි කවියක්....

    ReplyDelete