Saturday, December 17, 2016

විඳි සුවඳ මම නුඹේ....

පොඩි උන ඇතිරිලි,
නුඹේ සිහින් කෙඳිරිලි,
මතකයන් මවාවි,
අමතක නොවන සිතේ....

කෙටි සුසුමන් නුඹේ,
දිගු සුසුමන් මගේ,
උනුහුමයි තවමත්,
නැගෙන සිතිවිලි හදේ...

ගෙවුන දින පෙරදා වගේ,
යලි ඒවිද දිනක් ඒ වගේ,
සිහිනයක්ද දකින මේ රැයේ,
විඳි සුවඳ මම නුඹේ..........

෴ ලොක්කයියා ෴


No comments:

Post a Comment