Saturday, December 17, 2016

මගේ පුංචි සුරංඟනාවි...

මියෙදන මේ ආත්මයට,
පෙම් කරන සුරංඟනාවී,
මා මිහිදන් කල සොහොන්කොතේ,
තවත් එකම එක කවියක්,
ලියා යන්න මුතු අකුරින්,
අපි අපේ නොවුනාට,
ලොවට හොරෙන් අපි විතරක්,
හදවතින්ම පෙම් කල බව,
මගේ පුංචි සුරංඟනාවි...


෴ ලොක්කයියා ෴

 

විඳි සුවඳ මම නුඹේ....

පොඩි උන ඇතිරිලි,
නුඹේ සිහින් කෙඳිරිලි,
මතකයන් මවාවි,
අමතක නොවන සිතේ....

කෙටි සුසුමන් නුඹේ,
දිගු සුසුමන් මගේ,
උනුහුමයි තවමත්,
නැගෙන සිතිවිලි හදේ...

ගෙවුන දින පෙරදා වගේ,
යලි ඒවිද දිනක් ඒ වගේ,
සිහිනයක්ද දකින මේ රැයේ,
විඳි සුවඳ මම නුඹේ..........

෴ ලොක්කයියා ෴