Friday, October 18, 2019

නුඹත් හැඬුවොත් කියා......

තුරුළු කරන් නුඹ,
කවි කරපු මතකය එදා...
අහිමි බව දැන දැනත්,
පෙම් කරා හැමදා මෙදා...

මතකයන් ඒ මං ගැනත්,
රැඳේවිද ඔය හිත පුරා...
නුඹ නැතුව හිත් අහසට,
අමාවක අද පායලා...

වෙන හදවතක් ලඟ,
තුරුළු වී උන් නුඹ දිහා....
බලා හිනැහෙන්නම් මම,
නුඹත් හැඬුවොත් කියා......

෴ ලොක්කයියා ෴

Thursday, August 29, 2019

නුඹේ අපූරුව...

දුටිමි,
දිනක් මම,
සඳ එළියෙන්,
නුඹේ අපූරුව...
නිතඹ පද්දා,
ලමැද ගස්සා,
නීල වරලස,
මුදා සුළඟට..

෴ ලොක්කයියා ෴