Friday, June 24, 2016

රණ තිසර රැඟුමන්..

විසල් අහස යට,
නුඹත් මාත් තනිවුන දින,
ගිනියම් ප්‍රේමයෙන්,
ලංවී මොහොතක්,
උනුහුමෙන් වෙලුනා,
නුඹට තව මතකද..........

දෑඟිලි බැඳ නුඹ,
තුරුලට වී හිඳ,
සීතල දෙතොල් පෙති,
උනුහුමෙන් පොවා මා,
දුන්න කුළුඳුල් හාදුව,
නුඹට තව මතකද.......

දුහුල් සළුපිලි ඉවතලා නුඹ,
රණ තිසර රැඟුමන්,
රඟා සුව දෙන,
පතිනියක මෙන්,
උන්නු හැටි දවසක,
නුඹට තව මතකද?.....

෴ ලොක්කයියා ෴

පෙම්බරී කොහෙද නුඹ?

සම්මතයට පිටින් ගිය,
අසම්මත උනත් නුඹ,
මුළු හදින් පෙම් කරන,
පෙම්බරී කොහෙද නුඹ?....

තරු ගනින මහ රෑක,
නුඹ නැතිව උමතුවුන,
හිතත් එක්ක කෝම මං,
ගෙවන්නද මේ පාළුව?....

෴ ලොක්කයියා ෴