Thursday, April 5, 2012

හඬන්නෑ මං තනියම..

සඳ ලඟ තියන්,
තරුවකට පෙම් කරල.
විඳවන්නෙ මං,
මේ ජීවිතේ....

ඈ හින්ද මං,
වින්දෙ මෙපමන දුක්,
දුන්නු හින්ද වෙන්නැති,
නුඹට කප්පරක් ගිනි....

පාලුවට ගිහින්,
මගේ සිහින ඔක්කොම,
නුඹ සිටිය නම් දැන්,
හඬන්නෑ මං තනියම...

෴ ලොක්කයියා ෴

Wednesday, April 4, 2012

ආලවන්ත නුඹ..

ආලවන්ත නුඹේ,
හිත රිදවනු නොහැකියෙන්,
මළානික දෙනෙත් අඟ,
කඳුලු දකිනට නොහැකියෙන්,
යන්න ගියා මං,
නොදොඩම,
නොහඬාම,
ආපසු නොහැරීම,
පැතුවා මං හදවතින්ම,
මෙවන් දිනක්,
යළි නොඑන්නට,
නුඹේ දිවියට ......


෴ ලොක්කයියා ෴

Tuesday, April 3, 2012

නුඹේම වන්නට..

හිත හිරිවට්ටන 
ඔය නෙතු සඟලට
පෙම් කෙරුවා මං හැමදාමත්...

නුඹේම වන්නට
හුරතල් වන්නට 
පෙරුම් පිරුවා මං හැමදාමත්...

නුඹේම නෙතඟින් 
දුරස් කරන විට
හැඬුවා හිත මගෙ හැමදාමත්...

වෙනකෙකු අතගෙන 
දිවි දුර යද්දිත්
හිත ඉල්ලුවේ නුඹ හැමදාමත්...

නුඹ නෑ මගේ ලඟ.

පැතුම් ගොඩක් හද පුරෝගෙන,
පියුම් හතක් දෝත දරාගෙන,
මතකද අපි පිය මැන්නා,
බුදු සාදු වඳින්නට.....

මල් පහන් පුද කර,
පැතුවා ලඟින් ඉන්නට,
හැමදාමත් මුලු සංසාරෙම,
උපදින හැම භවේදිම...

බෝ මලුව පාලුයි,
පැතුම් පොදි එහෙමමයි,
හැබැයි මං අද තනියෙන්,
නුඹ නම් නෑ මගේ ලඟ.....

෴ ලොක්කයියා ෴

Monday, April 2, 2012

හිතුවක්කාර මං

හිතුවක්කාර මං..
රිදෙව්ව හොඳටෝම,
නුඹේ පුන්චි හිත..

මුවැත්තියක් වුනු නුඹ..
විසල් යුගනෙතින්,
බලා සිටියා මදෙස..

ඳුක හිතුනා මටත්.. ඒත්,
පමා වැඩියි හොඳටෝම,
නුඹ අයිති නෑ දැන්,
මගේ ලෝකෙට..


෴ ලොක්කයියා ෴

Sunday, April 1, 2012

මං මෙතන මියැදිලා...


නුඹ හින්ද මං දැක්ක,
හීන ඔක්කොම බොඳ වෙලා..
නුඹ කියූ වදන් වලට,
මගේ හිත ගල් වෙලා....

අඬන්නට කඳුලු නැතුවම,
මගේ නෙතුයුග වේලිලා....
ලියූ සිය දහස් කවි එක්ක,
මගේ හිත දැන් තනිවෙලා....

මල් පිපුනු  වසන්තයම,
ඉඩෝරයකට අද අහුවෙලා..
නුඹ දුන්නු දුක එක්ක,
මං මෙතන මියැදිලා.....


෴ ලොක්කයියා ෴

මගෙ සිහිනය

ඔසරි පොටින්, මාල හතෙන්,
නුඹ හැඩ වෙද්දී...
පාවඩ එලා, උඩුවියන් බැඳ,
මඟුල් බෙර වැයෙද්දී..
කෙන්ඩියෙන් පැන් දොවා,
රන් හුයෙන් ඳෑගිලි පැටලෙද්දී...
බුලත් හුරුල්ලෙන්, ජය මඟුලෙන්
ආසිරි ගී ගැයෙද්දී...
නුඹේ අතගෙන, පොරු මත හිඳ
හිනැහෙමින් ඔහු මදෙස බලදී......
මළ බෙර වැයුනා මගෙ සිහිනයට
නුඹ අද පිටගම් යද්දී.......

෴ ලොක්කයියා ෴