Tuesday, April 24, 2012

ඕලු මලක් තැනුවා...

කිරි කොතලෙට ගොම වැ‍ටුනට,
කොතලෙන් කිරි බිව්වා...
පැණි මත කුහුඹුවො වැසුවට,
පැණි වල රස බැලුවා...
පිපාසයට කර දියරෙන්,
අමා පැනක් සැදුවා....
පෙති විසිරුණු සියපතකින්,
ඕලු මලක් තැනුවා.......

ඉර ගොරවා සඳ ගොරවා,
මට කලුවර කෙරුවා...
කලු දිය පොකුණක පතුලේ,
මට යහනක් තැනුනා...
මම හදාපු ඕලු මලෙන්,
මට සුවඳක් දැනුනා...
නෙලුම් මලක ‍රැදුන සුවඳ,
ඕලු මලෙත් තිබුනා....


Friday, April 20, 2012

ඔයත් එක්කම..

මහමෙරක් තරම් ආදරේ කරලා,
එකට ගුලි වෙලා ජීවිතේ බෙදාගෙන,
වෙන් වෙලා යනකොට දුක තමයි,
ඒත් මොනව කරන්නද,
අපි අපිට ආදරේ කරාට,
කවදාවත්ම එක් වෙන්න බැරි තරමටම,
බාධක පිරිලා....

ඔයාට අයිතිවාසිකම් කියන්න,
තව කෙනෙක් ඉන්න කොට,
දෙමව්පියන්ට රිදවන්නෙ කොහොමද මං,
එයාලට හොරෙන් ඔයාව ගෙනිහින්,
එතකොට මටත් දුකයි,
ඔයා දුක් විඳිනකොට....

ඔයාටත් ඕන උනේ මට ආදරේ කරන්න,
හැබැයි එයාගෙ වෙලා දුරින් ඉඳගෙන,
මට ඕන උනේ ඔයාව මගේම කරගන්න,
හැමදාම ලඟින් ඉඳන් ආදරේ කරන්න,
උණුහුමට තුරුලුවෙලා කතන්දර කියන්න,
වැස්සට තෙමිලා අව්වට වේලෙන්න,
හැබැයි ඔයත් එක්කම.....

බෝල බෝල අකුරු වලට ආදරේ පුරෝලා,
සිය ගනන් ලියුම් ලියපු අපි,
අද දෙපැත්තකට වෙලා කඳුලු පුරවන්,
ආදරේ ගැන කතා කරනව...
ඇත්තටම අපි,
ආදරේ කරා කලින් වැඩිද?


෴ ලොක්කයියා ෴





Monday, April 16, 2012

කඩුපුල් මලක්..

කඩුපුල් මලක්,
පිපිලා මුලු රෑ පුරාම,
නිදි යහන පාලුනෑ,
මල් සුවඳ හැම තැනම....

රාත්‍රිය විතරක්ද,
අපි අපිට උරුම,
ඇසුවා ඇය මගෙන්,
දෙනෙත් අඟ කඳුලු පුරෝගෙන...

මගේ වේ නම් ඇය සදහට,
නොවැටේවි ඔය කඳුලු කැට,
ඇය තවමත් අයිති ඔහුටමයි,
අසම්මතයි මගේ පෙම.....

෴ ලොක්කයියා ෴

Friday, April 13, 2012

සුභ නව වසරක් වේවා!....

කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභම සුභ නව වසරක් වේවා!....


Wednesday, April 11, 2012

නුඹේ ඒ මිහිරියාව.

සීතල හිරි පොද,
නුඹේ වත සිප ගනිද්දී,
නිහඬවම බලා සිටියා මම,
නුඹේ සුවඳ විඳගන්න..

ගෙවී ගිය සුලු මොහොත,
කල්පයක් සේ දැනුනි මට,
නුඹේ සරාගී දෙනෙත් හමුවේ,
මට මාද අමතක විය...

වෙන් උනද අප එකිනෙකාගෙන්,
දෙනෙයි තවම මට,
මා උණුසුම් කල,
නුඹේ ඒ මිහිරියාව....

෴ ලොක්කයියා ෴

Books

මේ ටිකේම මුකුත් ලියන්න බැරි උනා, මේකෙන් ටිකක් ඈත් වෙලා මට හම්බවුන පුරාවිද්‍යත්මක ප්‍රබන්ධ පොත් 3 ක් කියෙව්වා.  "මායාව (The Deception)", "රාජ උරුමය (The Legacy)", "රාවනා මෙහෙයුම". මේ පොත් නිසා මට දෙන් පුරවිද්‍යව ඉගන ගන්න හිතිල තියෙන්නේ.

පුලුවන් උන වෙලාවක මේ පොත් කියවල බලන්න.



Friday, April 6, 2012

මටම හීනයක් වෙලා....

දු‍ටුව මං සිහිනයක්
රාත්‍රිය පුරාවට,
නුඹ හිටිය, මං හිටිය,
අපිට අහිමි වර්ථමානෙක....

නටබුන්ව ගිය අතීතයෙ,
හෙවනැලිත් දැන් මැකිලා,
ගෙවපු ඒ සොඳුරු මොහොත,
හීනයකම වෙලා.....

නුඹ දිහා බලන් මං,
ලිව්ව කවි සේරම,
කඳුලු වලටම බොඳ වෙලා,
නුඹ නැතුව මගෙ ජීවිතේ,
මටම හීනයක් වෙලා...........

෴ ලොක්කයියා ෴