ලොක්කයියා..
සිහිනයක් සිත්තමට නැගුවෙමි...
Saturday, December 17, 2016
මගේ පුංචි සුරංඟනාවි...
මියෙදන මේ ආත්මයට,
පෙම් කරන සුරංඟනාවී,
මා මිහිදන් කල සොහොන්කොතේ,
තවත් එකම එක කවියක්,
ලියා යන්න මුතු අකුරින්,
අපි අපේ නොවුනාට,
ලොවට හොරෙන් අපි විතරක්,
හදවතින්ම පෙම් කල බව,
මගේ පුංචි සුරංඟනාවි...
෴ ලොක්කයියා ෴
විඳි සුවඳ මම නුඹේ....
පොඩි උන ඇතිරිලි,
නුඹේ සිහින් කෙඳිරිලි,
මතකයන් මවාවි,
අමතක නොවන සිතේ....
කෙටි සුසුමන් නුඹේ,
දිගු සුසුමන් මගේ,
උනුහුමයි තවමත්,
නැගෙන සිතිවිලි හදේ...
ගෙවුන දින පෙරදා වගේ,
යලි ඒවිද දිනක් ඒ වගේ,
සිහිනයක්ද දකින මේ රැයේ,
විඳි සුවඳ මම නුඹේ..........
෴ ලොක්කයියා ෴
Monday, November 14, 2016
මියදුනත් මා නුඹත් අහිමිව...
නුඹ දකිනු රිසි මම,
රැජිණක් ලෙසින් හැම දින,
සිනහවෙන් පිරුනු මුව,
සොඳුරුයි නුඹට හැම විට...
ඉඳින් මේ ප්‍රේමය,
දුකක් නම් නුඹ හට,
වහළියක් වී අසම්මතයට,
හඬනු කිම අද දුර්වලව...
මිදී පියඹන්න හනිකට,
නුඹට පුරුදු ලෝකෙට,
නපුර රජයන,
මා නොමැති අතීතෙට.....
මියදුනත් මා නුඹත් අහිමිව,
ආදරයෙන් හද පුරෝගෙන,
වෙන්න සොඳුරු බිරිඳක්,
නුඹේ හිමි කුමරුට.......
෴ ලොක්කයියා ෴
මේ අඳුරු රැය දිගයි...
මේ අඳුරු රැය දිගයි,
දැනෙන සිතිවිලි බෝමයි..
නුඹ නික්ම යන නිසාවෙන්දෝ..
තරු එළියත් මට හරි දුරයි..
උනුහුමත් නුඹෙ හෙට මගෙ නොවෙයි,
ඔය සුසුම් පොද දැන් හරි සීතලයි,
තනිය නිතරම මට හුරුයි,
මේ අඳුරු රැය අද හරි දිගයි....
෴ ලොක්කයියා ෴
නුඹයි සරා සඳ...
ප්‍රේමය නම් මට නුඹේ,
ජීවිතය වෙලා අද මගේ..,
උනුහුමක් තවරා හදේ,
නුඹයි දෙවඟන මගෙ ලොවේ...
මතකය පුරා සුවඳයි නුඹේ,
සංසාර පුරුද්දට වගේ...
මියැදෙන්න හෙට ලඟ නුඹේ,
මට පින් නැතිවා වගේ...
දෙනෙත් අග කඳුලු නුඹේ,
දකිනු රිසි නෑ සිත මගේ....
ඉතින් නොවුනත් නුඹ මගේ,
නුඹයි සරා සඳ හැම රැයේ....
෴ ලොක්කයියා ෴
Friday, June 24, 2016
රණ තිසර රැඟුමන්..
විසල් අහස යට,
නුඹත් මාත් තනිවුන දින,
ගිනියම් ප්‍රේමයෙන්,
ලංවී මොහොතක්,
උනුහුමෙන් වෙලුනා,
නුඹට තව මතකද..........
දෑඟිලි බැඳ නුඹ,
තුරුලට වී හිඳ,
සීතල දෙතොල් පෙති,
උනුහුමෙන් පොවා මා,
දුන්න කුළුඳුල් හාදුව,
නුඹට තව මතකද.......
දුහුල් සළුපිලි ඉවතලා නුඹ,
රණ තිසර රැඟුමන්,
රඟා සුව දෙන,
පතිනියක මෙන්,
උන්නු හැටි දවසක,
නුඹට තව මතකද?.....
෴ ලොක්කයියා ෴
පෙම්බරී කොහෙද නුඹ?
සම්මතයට පිටින් ගිය,
අසම්මත උනත් නුඹ,
මුළු හදින් පෙම් කරන,
පෙම්බරී කොහෙද නුඹ?....
තරු ගනින මහ රෑක,
නුඹ නැතිව උමතුවුන,
හිතත් එක්ක කෝම මං,
ගෙවන්නද මේ පාළුව?....
෴ ලොක්කයියා ෴
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)