නුඹට හැකිනම්,
මට වෛර කරන්නට,
දුකක් නොදැනේවි,
මහ මෙරක් තරමට,
මා මියෙන දිනයක.....
එදාට,
සිහිල් සුලං රැල්ලක්,
නුඹේ වත සිපගෙන,
නුඹට කොඳුරාවි,
නුඹ වෙනුවෙන් ගැහුනු,
මගේ හදවත,
නැවතුන බව සදහටම......
෴ ලොක්කයියා ෴
Monday, May 22, 2017
කින්නර සිහිනයේ තවත් දවසක්........
මම දන්නවා දැන් අපිට අපි නැතුවම බැරි වෙලා. මගේ ලඟට වෙලා ඉන්න කොට ඔයා
කරන චූටි චූටි දඟ වැඩ හැමතිස්සෙම මතක් වෙනවා. ඒ දඟ වැඩ නැතුව පාළුයි වගේ.
ඔයත් එක්ක ගෙවන හැම දවසක්ම මට අලුත් දවසක්. ඒ දවස මතකයන් ගොඩාක් ජීවිතේට
එකතු කරන දවක්. ඔයාගෙ පුංචි හිත හරිම සංවේදී.. ඔයා සතුටු වෙන්නේ හරිම
පුංචි දෙවල් වලින්.
ඔයාට කරන්න පුළුවන් හැම දෙයක්ම කරනවා මාව සතුටින් තියන්න. මට ඔයාව මෙච්චරටම වටින්නෙ ඒකයි.. ඔව් ඔයා මගේ පන. අපි දවසක එකට ජීවත් වෙමු... ඔව් අපි සතුටින් ජීවත් වෙමු ඔයාගේ දඟ වැඩත් එක්ක.
ඔයාට කරන්න පුළුවන් හැම දෙයක්ම කරනවා මාව සතුටින් තියන්න. මට ඔයාව මෙච්චරටම වටින්නෙ ඒකයි.. ඔව් ඔයා මගේ පන. අපි දවසක එකට ජීවත් වෙමු... ඔව් අපි සතුටින් ජීවත් වෙමු ඔයාගේ දඟ වැඩත් එක්ක.
දඟකාර සඳවතිය,
බැහැ නුඹට සැඟ වෙන්න..
මම ඉන්නවා බලාගෙන,
ඇසිපිය නොහෙලාම.......
මුළු දිවියම මගෙත් එක්ක,
දඟ කරන්න නුඹ එන්න....
මම ඉන්නවා බලාගෙන,
නුඹේ හිමි කුමරු වෙන්න........
෴ ලොක්කයියා ෴
බැහැ නුඹට සැඟ වෙන්න..
මම ඉන්නවා බලාගෙන,
ඇසිපිය නොහෙලාම.......
මුළු දිවියම මගෙත් එක්ක,
දඟ කරන්න නුඹ එන්න....
මම ඉන්නවා බලාගෙන,
නුඹේ හිමි කුමරු වෙන්න........
෴ ලොක්කයියා ෴
කින්නර සිහිනයේ දවසක්........
කවදාවත් තව කෙනෙක්ට ආදරේ කරනෙ නෑ කියල හිතපු මම, අද ඔයාට පුදුම විදිහට
ආදරේ කරනවා. මගේ මුළු ජීවිතයම ඔයා වෙලා. ඔයා ගැන නොහිතන එක මොහොතක් වත්
නැති තරම්. ලඟින් නැතත් මම ඔයා එක්කම ජීවත් වෙනවා. කවදාවත් නැති තරම් ලෝබ
කමකින් මම ඔයාට ආදරේ කරනවා. කවදා හරි අපි එකතු වෙයි කියන බලාපොරොත්තුව මාව
ජීවත් කරවනවා.
අදත් ඔයා මට තුරුළු වෙලා හුරතල් වෙයි. මගෙ ඇස් වල පාට හොයයි. ඔය ඇඟිලි තුඩු මගෙ ඇඟ පුරාම ඇවිදියි.. බෙල්ලත් හපයි... මට ඕනෙ ඔයත් එක්කම ජීවත් වෙන්න. මේ විදිහටම ආදරේ කරන්න. කියන්න හැමදාටම මගෙ මැනික මගේ ලඟින් ඉන්නව නේද?...........................

Subscribe to:
Posts (Atom)