Tuesday, August 14, 2012

කන්‍යාවිය...

අසම්මත හදුවෙන්
ගැබ්බරයි ඇය....
පහන් කණුව යට එළියෙන්
වීදි සරන සමනළිය ඇය....

සෙනෙහස නොවින්දත්
ගත සනසවන ඇය...
තරු පිරි අහසට
සුසුම් හෙලන ඇය...

සම්මත මිනිසුන්
තුරුලේ සනසන ඇය..
අසම්මත ලොකයේ
සුන්දර පෙම්වතිය ඇය...

ආදරය නොවින්දත්
විරහව විඳින ඇය...
නෙතු පිරුනු කඳුලු කැට
ලොවට හොරෙන් වියලන ඇය..

සම්මත මිනිසුන්ගේ
රතී දෙවඟන ඇය.....
අසම්මතයේ සොඳුරු මිනිසාට
කන්‍යාවියකි තවම ඇය...............


Friday, August 3, 2012

එකම එක ‍රැයක්

රාත්‍රිය නිහඬයි..
මතකයන් අමරණීයයි..
නුඹ හා ගෙවුනු එකම මොහොත,
හිතට හරි උනුහුමයි....

නිහඬවම දෙතොල් සිපගෙන,
උනුහුමට ගුලිව සැඟවුන,
ඉකිගසා හඬන නුඹ,
අහිමි බව නොදැනුනා මට....

නිදි යහන පුරාවට,
අහිමිවුනු නුඹේ සුවඳ,
තරු පිරුනු අහස යට,
විසිරිලා හැමතැනම...............

අපි අපේ නොවන බව,
නොදැන අපි ලං වෙලා..
රත්‍රිය පුරාවට
සොඳුරු සිහිනෙක මම දැව‍ටුනා...

සැඟවිලා මේ සම්මතයෙන්,
අසම්මත උනා නම් මොහොතකට
එකම එක ‍රැයක්,
නුඹත් මමත්............................

Sunday, July 1, 2012

හැන්දෑව...

නුඹේ දෑත පටලාගෙන,
ගං ඉවුර කෙළවරක,
ඇවිද ගිය හැන්දෑව,
සොඳුරුයිද මොනතරම්....

මන්දාරම් වැහි පොදට,
හමා එන සීතල සුලඟට,
තෙමුනු නුඹේ සියොළඟ,
සොඳුරුයිද මොනතරම්....

වැහි බිඳු සිපගත්ත,
නුඹේ සිනිදු දෙකොපුල්,
සිහින් දෙතොල් පෙති,
සොඳුරුයිද මොනතරම්....

සීතලට ගැහෙන,
ඇඟිලි තුඩු සිපගෙන,
මගේ උනුහුමට ගුලි උන,
හාදු වැස්සෙන් මා තෙමාපු,
ඒ මන්දාරම් හැන්දෑව,
සොඳුරුයිද මොනතරම්....


Wednesday, June 13, 2012

හීන අරන් ආයෙමත්

සුදු අතින් අල්ලගෙන,
හිමිදිරියේ පිනි වැ‍ටුනු,
ගුරු පාර කෙළවරක,
ඇවිදයන්න ආයෙමත්....

වෙල් එලියේ මඳ සුලඟට,
දඟ කරන නුඹේ කෙහෙ‍රැලි,
වසාගත්  නුඹේ දෙකොපුල්,
සිපගන්න ආයෙමත්....

උරතලයේ හිස හොවාන,
සුවෙන් නිදන නුඹ දිහා,
ඇසිපිය නොහෙලා නෙත්,
බලන් ඉන්න ආයෙමත්....

හීනෙනුත් හිත ඉල්ලන,
හිත පුරා දඟ කරන,
නුඹේ පිරුනු ආදරය,
විඳගන්න ආයෙමත්.....

මං එන්නද හෙට උදේම,
හීන අරන් ආයෙමත්............

Friday, June 8, 2012

පළමු හාදුව..

අදරෙන් මං දුන්න,
පළමු හාදුව නුඹට,
අමතක වෙන්නෙ කොහොමද,
නුඹ නැති උනාට
අද මගේ ලඟ....

හදවතින් ගැහි ගැහී
නළල් තලය සිපගත්තෙ මං,
අද වගේ දවසක
නුඹට මතකද?

සීතලට මිදුනු,
මගේ දෙතොලග
උණුසුම් කලා මොහොතකට,
ආදරේ පුරෝගෙන,
නුඹට මතකද?

තරු එක්කත් හිනා උනු
නුඹේ ඔය දෙනෙත් යුග,
කියාදුන්න මට ආදරේ ගැන..
මට වගේ අද නුඹට මතකද?

Monday, May 28, 2012

පිපුනු මලක...


සදුත් නොමැති
තරු පිරි නැති
ඉර අවරට
ගියපු දිනෙක...

හෙලපු සුසුම්
වැටුනු කදුලු
මුතු අමුනා
ඉවර දිනෙක...

සිහින රැයක
නුඹේ සිනහා
රූ මානෙක
මැවෙන දිනෙක...

පිපුනු මලක
වැහි බිදුවක
ගී තනුවක්‌
වැයෙන දිනෙක...

යලි හමුවෙමු
ඉස්‌සර වගේ
පන්ති ගියපු
ශනිදාවක...

Wednesday, May 23, 2012

නුඹ කොහිද...


දහසක්‌ පෙරුම් පුරන්
හිත මිතුරු ආදරේත් අරන්
සිහින ඔක්‌කොම වෙනස්‌ කරන්
පෝරු නැග්ගා අපි!...

කොහේදෝ දුර ගිහින්
ආදරයක්‌ නෑ හිතේ
වෛරයක්‌ වත් නෑ මගේ
නුඹ කොහිද කොතැනද
හොදින් ඉන්නවද කොහේ.....

අපරාදේ ජිවිතේ
අපිට අපි හමුවුනේ
වරද කාගේද ඔබේද මගේ
නෑ අපේ දෛවයේ.......