Tuesday, August 12, 2014

මතකද හැන්දෑවක..

මතකද හැන්දෑවක,
සුලැඟිල්ලට මං නුඹේ,
පුංචි මුදුවක් දැම්මා..

පලඳින්නට මතු දිනයක,
රන් මුදුවක සිහිනය,
අපෙ හිත් තුල රන්දා....

දෛවයේ සරදමට,
අපි අපේ නොවුනාට,
අනේ අපි අද මුදු පලඳලා..

වෙනකෙකු අතගෙන,
අපේ සිහිනය බිඳගෙන,
අනේ අපි අද මුදු පලඳලා..

Monday, May 19, 2014

Good bye....

I woke up in the morning,
There was a shiny little star,
Sleeping beside me, holding my arm.
I looked her face, there was a tiny smile,
And it was so beautiful..

I was thinking of the days,
Where we were together,
And The moments we shared..
It was like a dream, which came true..

Sun will be rising, another day will come.
You and me together, our own world.
I’m wordless, how to express my feelings.
I always melt down, in front of you.

Life is too short, time is flying.
I want you to be.. happy all the time.
In the deepest place in my heart,
You always live…
The time has come, to say good bye……


--Lokkaiyaa--

Saturday, August 31, 2013

Sunday, June 23, 2013

තනි තරුවක්....

තරු පිරුනු අහස දෙස,
බලා සිටියා මං ‍රැයක....
තනිකමට තනි තරුවක්,
ඉල්ලුවාම මම අහසින්,
දුන්නෙ මට සඳ පලුවක්,
එක්ක ලස්සන තනි තරුවක්....









Image from Google


Tuesday, May 28, 2013

රාහුලයෙක් ඇවිත්...

අනේක විධ බැඳීම් මැද,
තවත් බැඳීමක්...
දහසකුත් සිනහ මැද,
තවත් එක් සිනහවක්......
මිදෙන්නට සිතන විට මේ,
නිමක් නොපෙනෙන සංසාරෙන්...
මෙන්න ....
රාහුලයෙක් ඇවිත්...


Sunday, May 12, 2013

විලම්බීත නගරය..

යක්දෙස්සියන්ද?,
දෙවඟනන්ද?,
සිහින දකින පරාදීසයේ..
ඉඟි පාන විසල් නෙතු යුග
සැරිසරන මේ සුරපුරේ....

සල්ලාල සිත් එක්ක,
නිදි වදින මේ මැදියමේ...
ආත්මයට ගිනිතියන,
උන් ඉන්නෙ මේ නගරයේ..

නිමක් නොපෙනෙන මේ
සංසාර චක්‍රයේ....
මම කොහෙද කොතැනකද,
මේ විලම්බීත නගරයේ............