Wednesday, August 7, 2019

මළගමක්.....

වෙලී එල්ලී නුඹට පෙම් කල,
මම උනා නුඹට කරුමයක්...
අතින් අල්ලන් මග කියද්දී,
මම උනා නුඹට වදයක්....

ජීවිතේ මග නුඹම වෙද්දි මට,
මම උනා නුඹට හෙනහුරෙක්...
හිනැහෙද්දි නුඹ හුරතලෙන් ලඟ,
මම උනා නුඹට නපුරෙක්...

තවත් ඉන්නද නොයින්නද මම,
ජීවිතේ මට දුක් ගොඩක්....
කියන් සොඳුරිය හනික අද හෙට,
දකින්නට මගෙ මළගමක්.....

෴ ලොක්කයියා ෴

 

උමතුවී මම නුඹ සෙව්වා.....

තවමත් හිතුවක්කාර, ඔය තොල් පෙති,
සිප ගනිද්දි මුව සීරුවෙන්...
විඳ ගත්තෙ නුඹෙ උනුහුම,
හරිම හරි ආදරෙන්....

මගෙ සියොලඟ දඟ කරනා,
නුඹෙ දෑඟිලි මුදු පහසින්,
උමතුවී මම නුඹ සෙව්වා,
තුරුළු වෙන්නට සෙනෙහසින්.....

 ෴ ලොක්කයියා ෴

Monday, May 22, 2017

මා මියෙන දිනයක.....

නුඹට හැකිනම්,
මට වෛර කරන්නට,
දුකක් නොදැනේවි,
මහ මෙරක් තරමට,
මා මියෙන දිනයක.....
එදාට,
සිහිල් සුලං රැල්ලක්,
නුඹේ වත සිපගෙන,
නුඹට කොඳුරාවි,
නුඹ වෙනුවෙන් ගැහුනු,
මගේ හදවත,
නැවතුන බව සදහටම......



෴ ලොක්කයියා ෴