පිපුනු මලක...
සදුත් නොමැති
තරු පිරි නැති
ඉර අවරට
ගියපු දිනෙක...
හෙලපු සුසුම්
වැටුනු කදුලු
මුතු අමුනා
ඉවර දිනෙක...
සිහින රැයක
නුඹේ සිනහා
රූ මානෙක
මැවෙන දිනෙක...
පිපුනු මලක
වැහි බිදුවක
ගී තනුවක්
වැයෙන දිනෙක...
යලි හමුවෙමු
ඉස්සර වගේ
පන්ති ගියපු
ශනිදාවක...
ඉස්සර වගේ හම්බුණත් ඉස්සර වගේ ඉන්න විදිහක් නැහැනේ. ඔක්කොම වෙනස් වෙලානේ
ReplyDeleteඒත් හිත තාම ඒවගේමයි..
Deleteගවසන්නට තරුමුතුමල්
ReplyDeleteඉහිරුණු නුබේ වරල කොණක
මග බලාන ඉන්නව මං
ගල්කිස්සේ වෙරල කොණක
අහසින් තරුවක් කඩාගෙන
Deleteමලකින් සුවද හොරාගෙන
සුලගෙන් පාර අසාගෙන
එනවද බිදුනු හිත හදාගෙන...
ඉස්සර දේවල් මතක් වෙනකොට ඇත්තටම දුකයි...
ReplyDeleteසොඳුරු අතීතයක හිමිකාරයෙක් වගෙයි.
Deleteදවස් ගනන් කල් ගතවී
ReplyDeleteඒ හැමදේ වෙනස්වෙලා..
හමුවූවත් පෙරදාමෙන්
පන්ති ගියපු ශනිදාවක
අපි අපිමද හමුවන්නේ
සතා බලනු මැන
මොහොතක්
muthuMay 28, 2012 8:16 PM
Deleteකාලය මහ ගොඩක් ගිහින්
ජිවිතයත් මහලු වෙමින්
අපට අහිමි ජිව්තයෙන්
කොහේ ගියත් ඒ අපි අපි මයි..
කාලය මහ ගොඩක් ගිහින්
ReplyDeleteජිවිතයත් මහලු වෙමින්
අපට අහිමි ජිව්තයෙන්
කොහේ ගියත් ඒ අපි අපි මයි..
කාලය මහ ගොඩක් ගිහින්
ReplyDeleteජිවිතයත් මහලු වෙමින්
අපට අහිමි ජිව්තයෙන්
කොහේ ගියත් ඒ අපි අපි මයි.
අහස
ReplyDeleteහෙමින්
තරු
සිත්තම්
අඳින
සොඳුරු
හැන්දෑවක
වෙන්වෙන්නට
බලන්
නුබත්
එනවද?
එක
ශනිදාවක....
කවදා නමුත් අපිට වෙන් වෙන්න සිද්ධ වෙනවනෙ, ඒත් සිතින් හෙමදාමත් ලඟින්..
Deleteවෙන්
Deleteවෙන බව
දන්නවා නම්
එන්නේ නෑ මං ආයේ
නුබ ඔහේ හිටපුදෙන් මගේ මේ හිත් මානේ...
පැරණි මතකයන් බොහොමයක් අලුත් වුණා.. ස්තුතියි ලොක්කයියේ!
ReplyDeleteස්තුති හැමදාම මේ පැත්තේ එනවට..
Deleteශාලිත මහතගේ ගීතයේ පදයක් නිසා ඒ ගීතය මතක් වුනා.. ජය !
ReplyDeleteපිපුන මලක හැඩ දෑස වසා..
Deleteමටත් ඕකම හිතුනා...
Deleteඅනේ ලව් සීන් නං මට එපා..
ReplyDeleteසුභ වේවා!! රාජ සම්පත් ලැබෙවා!!!
රාජ සම්පත් තිබ්බත් වැඩක් නෑ රජෝ ආදරේ නැතුව හික් හික් හික්
Delete//..යලි හමුවෙමු
ReplyDeleteඉස්සර වගේ
පන්ති ගියපු
ශනිදාවක... //
වාව්..කවිය නම් සුපර් අයියේ.හරිම ලස්සනයි...ලස්සන මතකයක්....
ස්තුතියි නගෝ.....
Deleteදිවෙන මතක
ReplyDeleteගුලිකරගෙන
හමුවෙමු අපි
ඉදිරි දිනක
මෙවැනි පිළිතුරක් ඔබට ලැබේවා.....ලස්සනයි පුංචි කවිපද ටික....
අන්තිමට කොහොම හරි මේ පැත්තෙ ආව නේද? ස්තුතියි....
Deleteහරිම ලස්සනයි කවි පද ටික.. හිතට වැදුනා වචන ටික නියමෙටම...
ReplyDeleteස්තුතියි ප්‍රාර්ථනා..
Deleteලස්සන පද පෙලක්... අපූරුයි
ReplyDeleteස්තුතියි කාව්‍යා...
Deleteසඳු පිපුන මහ රෑක
ReplyDeleteහිරු දවන දවලක
සුර ලොවක
අපායක
මහ මුහුද මැදදි හෝ
හමු උනොත් අපි දෙදෙන
කතා කරමු,
ඒ අතීතය ගැන.........
සල් මලක සුවඳ සේ
මා ලඟම දැවටිලා
අපේ හෙට දිනක් ගැන
හීන පොදි බැන්ඳ හැටි.....................
ස්තුතියි මගෙ මිත්‍රයා.. මං දන්නවා ඔය හිත සෑහෙන්න දුර ගිහින් අතීතය විනිවිද දකින්න ඇති මේ කවිය ලියන්න කලින්.
Delete//සල් මලක සුවඳ සේ
මා ලඟම දැවටිලා.. //
ඒ සල් මල් සුවඳ කොහොම අමතක කරන්නද... නේද?
කාලය ගත වෙලා
ReplyDeleteපන්ති ඉවරවෙලා
වයසත් ගතවෙලා
අපි ඈත් වෙලා.....
ලොක්කයියා නියමයි කවිටික...