දැනෙනවා මට තවම
නුඹේ නුපුරුදු සුවඳ...
හැඟෙනවා මට තවම
පසෙකින් නුඹ සිටිනා බව....
සිතකින් නම් නොවේ මම
වෙන්ව ගියේ අද දින....
විඳිනවා තවම මම
නුඹේ ඔය ආදරය....
දෙතොලඟ පුරා රැඳුනු
සිනහවට පෙම් කලා මම....
දෑඟිලි පටලා සුරත ගෙන
සිපගත්තා මම නුඹේ මුව...
මොහොතකට පෙර නික්මෙන්න
දුටුවා මම නුඹේ වත...
දහසකුත් වදන් සිරවෙලා
කඳුළු පිරි දෙනෙත් අග..
ගෙවුනු කාලය නුඹ ලඟ
සොඳුරුයි නුඹසේම...
මියැදෙන්න හිතෙනවා මට
සදහටම නුඹේ ලඟ..............
ලොක්කය්යා කලෙකින්....
ReplyDeleteලස්සනයි නිසදැස
ඔව් මල්ලී.... මේ දවස් වල ටිකක් busy
Deleteගෙවූ කාලය සිහිනයක් වෙද.......හ්ම්ම්ම්ම්ම්ම්
ReplyDelete// සිහිනෙන් සිහිනෙට ඔබ එනවා.. // කියාගෙන ඉන්න තමයි තියෙන්නෙ..
Deleteලොක්කයියේ මියැදෙන්න හිතන්නෙපා බං....
ReplyDeleteනෑ නෑ නාඩ ඉඳින්...
Delete//විඳිනවා තවම මම
ReplyDeleteනුඹේ ඔය ආදරය....//
මට නම් පේන්නෙ විඳවනවා වගේ :(
නෑ... තාම විඳිනවා... විරහව සුන්දරයි ලු...
DeleteI'm waiting for that....
ReplyDeleteකාලෙකින්නේද ????
ReplyDeleteනිසදැස මරු
ඔව් ඉස්සරටත් වඩා වෙලාව අඩුවෙලා.. job එකේ හැටි තමයි...
Deleteගෙවුනු කාලය නුඹ ලඟ
ReplyDeleteසොඳුරුයි නුඹසේම...
මියැදෙන්න හිතෙනවා මට
නුඹේ ලඟ සදහටම..............
කියන්න වචන නෑ සුපිරියි ලොකූ
ස්තුතියි චුටි..
Deleteමන්දා ඇයි කියලා මම ලොක්කයියාගේ කවි වලට කැමති. හ්ම්ම්....
ReplyDeleteසමහර විට එකම විදිහෙ අත්දැකීම් වෙන්න ඇති...
Deleteපෙම්වතුන් ගේ මතකයන් සදා නොමැකේ...
ReplyDelete