ඉඳුවර සැණකෙළිකුමටද සොඳුරිය..
බඹසර පැවතුම්
බිඳලන සොබනිය..
තරු පිරි අහසක
දිදුලන කුමරිය...
නිදි නැති රෑ යම
කළඹන කලණිය..
දෙනුවන් රවටන
සොඳුරු රුවැත්තිය...
මුතුවන් දසනින්
සිනා දෙවන්නිය....
ගිනි ගෙන හදවත
දැවෙනා අරුමය...
හදවත ඉල්ලන
අන්සතු ප්‍රේමිය.......
රජ සැප මොනවට,
පහන් තිර එළියෙන් වත්