නුඹ නැති යහන් ගැබ..
ප්‍රේමය නිසා නොවෙද,
බිසවුනි උනේ නුඹ අගබිසව...
මිණි මුතු නොවෙද,
නුඹෙ වත සරසන්නට....
පිරිවර ලඳුන් නැතිවද,
නුඹේ තනි නොතනියට....
නිරිඳුන් නිසා මම,
මදුර පුර කුල කුමරිය නුඹ,
නොවුනිද අද නුඹ,
සෙංකඩගල රජ කුමරිය...
රනින් බැඳි පියල්ලෙන්,
නුඹ පිදූනා නොවෙද,
සිරියහන අරා ගිය,
සුවඳ තවමත් මගෙ නේද...
කවිය නුඹ මා වෙන්කලාද,
කපුරු මලකට මම පෙම් කරාද,
සඳුන් දැව යහන මට අකෑපයිද,
දස්කොන්ට මිණි බැඳි දොර ඇරුනාද...?
හිසට වන් මිණි කිරුළ
ReplyDeleteගෙලේ වන් රන් මාල
දෑත දෙවගේ බරණ
ප්‍රේමයද හිමි සඳුනි
ස්නේහයේ වදනකට
සුමුදු ස්පර්ෂයට
උණුසුන්ම සුසුමකට
සමවේද යස ඉසුර
ශක්තිමත් භාහුතර
දැනුනි මට රැකවරන
නොලද කල ඔබෙන් එය
බැඳුනි දස්කොන් වෙතට
නියමයි
ReplyDeleteනියමයි... කලින් ඒකට ෙදවනි නෑ.
ReplyDeleteරජ කාලේ ඒ විදිහටම මවල පෙන්නනවා හිතේ
ReplyDeleteවචන හැසිරවීම නම් නියමයි ලොකූ.....
ReplyDeleteඅඩේ මරු බං
ReplyDeleteනියමයි ලොක්කයියේ
ReplyDeleteබොහොම සුන්දර අඩවියක්නේ හරිම ආස හිතුනා මෙතැනට.
ReplyDeleteඑන්න සමකය වටේ රවුමක් යන්න