නුඹේ රුව දකිනු රිසියෙන්,
පියමන් කලා මන්
බිසවුනි නුඹ දකින්නට..
රාජකීය සයනයේ,
රජුන් සනසන රුවැත්තී,
ලෙන්ගතු උනා මම හැමදාමත්
සංසාර පුරුද්දට...
තහනම් උනත් ප්‍රේමය,
බිසවුනි නුඹ උන්නෙ මන් ගාව,
මුතු වැස්සක් වගේ නුඹ,
කැළඹුවා මගෙ හද විලම...
අමාවක සකි සඳකි,
අපි අපේ ලඟින් උන්න,
සඳලුතල කෙළවරක,
අමරණීයයි අපේ ප්‍රේමය...
නුඹට පෙම් කල වරදට,
වදක මල් ගෙල රුවගෙන,
දංගෙඩියට හිස තියාන,
ප්‍රමිලා මම නුඹ සෙව්වා,
වදක බිම පුරාවට..........
ලස්සනයි.. කවුරැත්ම කතා නොකරන තේමාවක්.
ReplyDeleteහ්ම්ම්ම්ම් ! ප්‍රමිලාගේ ප්‍රේමය දස්කොන් වින්ඳේ මෙහෙම වෙන්න ඇති.පහු ගිය දවස්වල පොතක් කියවන්න ලැබුනා. ඒකේ තිබුනා දස්කොන් කියන්නේ රාජසිංහ රජතුමා හදා ගත්ත කොළු ගැටයෙක්ය කියලා. ඒ කතාව ගැන හොයන්න ඕනේ...
ReplyDeleteපද ටික නම් අපූරුයි ලොක්කයියා... :)
කතා නම් ගොඩක් තියනවා. මේ post එක කියවල බලන්නකෝ..
Deletehttp://tharuarundathi.blogspot.com/2011/12/blog-post_10.html
http://www.silumina.lk/punkalasa/20110501/_art.asp?fn=ar11050110
Deletehttp://www.dinamina.lk/sanwedi/art.asp?id=2010/08/30/sPg09_0
Deleteස්තුතියි ලොක්කයියා...
Deleteලස්සන කවි පෙලක්.... මේ හා බැඳුනු විවිද කථාන්දර බොහොමයක් තියෙනවා...
ReplyDeleteමම නුඹ හෙව්වා වදක බිම පුරාවට..
ReplyDeleteඅපූරු කවි පෙළක්..! :)
දස්කොන් ප්‍රමිලා පුරාවෘත්තය නැවත අලුත් ඇසකින් ප්‍රති නිර්මාණය නියමයි.
ReplyDeleteලස්සනයි ......................
ReplyDeleteමේ ගැන තියෙන ගීත ටික මතක් වුණා.....