රජ සැප මොනවට,නුඹ නැති යහන් ගැබ..
ප්‍රේමය නිසා නොවෙද,
බිසවුනි උනේ නුඹ අගබිසව...
මිණි මුතු නොවෙද,
නුඹෙ වත සරසන්නට....
පිරිවර ලඳුන් නැතිවද,
නුඹේ තනි නොතනියට....
නිරිඳුන් නිසා මම,
මදුර පුර කුල කුමරිය නුඹ,
නොවුනිද අද නුඹ,
සෙංකඩගල රජ කුමරිය...
රනින් බැඳි පියල්ලෙන්,
නුඹ පිදූනා නොවෙද,
සිරියහන අරා ගිය,
සුවඳ තවමත් මගෙ නේද...
කවිය නුඹ මා වෙන්කලාද,
කපුරු මලකට මම පෙම් කරාද,
සඳුන් දැව යහන මට අකෑපයිද,
දස්කොන්ට මිණි බැඳි දොර ඇරුනාද...?





