Monday, December 10, 2012
Thursday, November 29, 2012
අන්සතු ප්‍රේමිය..
Sunday, November 18, 2012
ප්‍රමිලා..
රජ සැප මොනවට,නුඹ නැති යහන් ගැබ..
ප්‍රේමය නිසා නොවෙද,
බිසවුනි උනේ නුඹ අගබිසව...
මිණි මුතු නොවෙද,
නුඹෙ වත සරසන්නට....
පිරිවර ලඳුන් නැතිවද,
නුඹේ තනි නොතනියට....
නිරිඳුන් නිසා මම,
මදුර පුර කුල කුමරිය නුඹ,
නොවුනිද අද නුඹ,
සෙංකඩගල රජ කුමරිය...
රනින් බැඳි පියල්ලෙන්,
නුඹ පිදූනා නොවෙද,
සිරියහන අරා ගිය,
සුවඳ තවමත් මගෙ නේද...
කවිය නුඹ මා වෙන්කලාද,
කපුරු මලකට මම පෙම් කරාද,
සඳුන් දැව යහන මට අකෑපයිද,
දස්කොන්ට මිණි බැඳි දොර ඇරුනාද...?
Saturday, November 17, 2012
දස්කොන්..
පහන් තිර එළියෙන් වත්නුඹේ රුව දකිනු රිසියෙන්,
පියමන් කලා මන්
බිසවුනි නුඹ දකින්නට..
රාජකීය සයනයේ,
රජුන් සනසන රුවැත්තී,
ලෙන්ගතු උනා මම හැමදාමත්
සංසාර පුරුද්දට...
තහනම් උනත් ප්‍රේමය,
බිසවුනි නුඹ උන්නෙ මන් ගාව,
මුතු වැස්සක් වගේ නුඹ,
කැළඹුවා මගෙ හද විලම...
අමාවක සකි සඳකි,
අපි අපේ ලඟින් උන්න,
සඳලුතල කෙළවරක,
අමරණීයයි අපේ ප්‍රේමය...
නුඹට පෙම් කල වරදට,
වදක මල් ගෙල රුවගෙන,
දංගෙඩියට හිස තියාන,
ප්‍රමිලා මම නුඹ සෙව්වා,
වදක බිම පුරාවට..........
Sunday, October 21, 2012
මළවුන්ගේ නගරය....
Thursday, October 18, 2012
සුන්දරී.....
Tuesday, October 16, 2012
මගේ අවලං ආදරේ..
තරු ගොන්නේ දිළිසෙන,පුංචිම පුංචි තාරකාවි,
දුරින් හිටියත් හැමදාම,
ඇයි නුඹට මං ,
මේ තරම්ටම ලෙන්ගතු?
නුඹ නොදන්න,
මම විතරක් දන්න,
නුඹේ සුවඳට පෙම් කරන,
ඒ ආදරේ හින්දද,
නුඹට මේ තරම් ලෙන්ගතු....
දිළී හිනැහෙන ඔය දෙනෙත් අග,
දැවී අළු වෙන මගේ හදවත,
මටත් හොරෙන් නුඹ ඉල්ලන,
ඒ ආදරේ හින්දමද,
මං මේ තරම් ලෙන්ගතු....
තරු පිරුනු හැම රෑක,
සයනයේ වැතිරගෙන,
දකින ෆැන්ටසි හීනෙ හින්දද
නුඹට මේ තරම්,
මම ලෙන්ගතු....
නෙලා නොගෙනම දෝතට,
සුවඳ විතරක් විඳින,
මගේ අවලං ආදරේ,
එපා කියන හින්ද වෙන්නැති,
මගේ හිත මේ තරම්ම,
නුඹට ලෙන්ගතු.....................
Subscribe to:
Posts (Atom)



