Tuesday, June 2, 2015

මට අහිමි මල් සුවඳ..

තරු පිරුනු අහස යට,
නුඹ උන්නු තැන කොහෙද,
උන්මාද හදවතට,
මගේ උනුහුම තව දැනෙනවාද..

නුඹ එක්ක ලියපු කවි,
දැන් නුඹට අමතකද,
මම දුන්න හාදු වැහි,
තවම නුඹ විඳිනවාද....

හිමිදිරියේ පිපුන මල්,
අයිතියිලු වන බඹරුනට...
මට අහිමි මල් සුවඳ,
කවුරුන් දැන් විඳිනවාද...

Thursday, January 22, 2015

අහිමි නුඹගෙන්....

සුසුමන් සලා මා,
වෙන් උනිද නුඹගෙන්..
දැනෙනවා තවමත්,
ලද සෙනෙහස නුඹගෙන්..
නළල සිපගෙන,
වෙන් උනිද නුඹගෙන්..
නොමැකේවි මා ලද,
සුව මිහිර නුඹගෙන්.....
සිඟන්නෙකු වී,
මට අහිමි නුඹගෙන්....
හෙට මා සිඟාවිද,
ආදරේ නුඹගෙන්............

෴ ලොක්කයියා ෴

Saturday, December 20, 2014

නුඹ මගේ නොවුනාට..

සංසාර පුරුද්දට,
අපි ආදරේ කෙරුවාට,
ජීවිතයම මගේ නුඹ,
කර ගන්න සිතුවාට,
අපි අපේ නොවෙන බව,
නුඹත් මට කීවාට,
හැර යන්නෙ කොහොම මම,
නුඹ මගේ නොවුනාට........

෴ ලොක්කයියා ෴

Monday, December 15, 2014

ඉඩදෙන්න මලකට....

ඉඩදෙන්න මලකට,
පිපෙන්න තව සුවඳවත්...
කියවි ඈ මද නලට,
සිප ගන්න ඒ සුවඳවත්...
පිපුනාට හැම කලට,
මල් උයන්වල තව සුවඳවත්...
හිමි නැතිද අනේ මට,
වැට පනින ඒ සුවඳවත්...

෴ ලොක්කයියා ෴


Sunday, September 28, 2014

මිය යාවි කෙදිනක...

දකිනවා මම අදටත්,
සැබෑ නොවන සිහිනයක් නුඹ ගැන..
ලඟින් නොසිටියත් හෙටටත්,
ලෙන්ගතුයි ඒ සිනහව තාමත්..

මිතුරියක්ව හිනැහුනත්,
හමුවුනු මග තොට හැමදාමත්,
පෙම්වතියක් නුඹ සෙනෙහෙබර,
රහසින්ම දෙකොපුල් සිඹින..

තවරා හාදු දෙතොලත,
විඳගන්න වරක් නුඹේ උනුහුම,
සිහිනයක් නම් එය,
මිය යාවි කෙදිනක...


Tuesday, August 12, 2014

මතකද හැන්දෑවක..

මතකද හැන්දෑවක,
සුලැඟිල්ලට මං නුඹේ,
පුංචි මුදුවක් දැම්මා..

පලඳින්නට මතු දිනයක,
රන් මුදුවක සිහිනය,
අපෙ හිත් තුල රන්දා....

දෛවයේ සරදමට,
අපි අපේ නොවුනාට,
අනේ අපි අද මුදු පලඳලා..

වෙනකෙකු අතගෙන,
අපේ සිහිනය බිඳගෙන,
අනේ අපි අද මුදු පලඳලා..