
උදෑසනම හිරු නැගෙන,
අවිහින්සක ඔය සිනාව
සිත්තම් කරාවි හිස් අහස...
ඉඟි පාන දඟකාරී නුඹ
කවියක් වෙලා මගේ හිත,
ගෙන ගිහින් අනන්තයට
මටත් හොරා හෙමිහිට....
සමනළියක් වගේ නුඹ,
නෙතු මානයේ පියඹද්දි,
හීනයක රඳවලා මං,
පැන ගිහින් නුඹ හනිකට...
සඳවතිය ලඟ ඉද්දි
තරු ගොන්නෙ නුඹ සෙව්වෙ,
සැඟවිලා ගිහින් නුඹ මගේ
නන්නාඳුනන
සිහිනය වෙලා අද .....