Tuesday, August 14, 2012

කන්‍යාවිය...

අසම්මත හදුවෙන්
ගැබ්බරයි ඇය....
පහන් කණුව යට එළියෙන්
වීදි සරන සමනළිය ඇය....

සෙනෙහස නොවින්දත්
ගත සනසවන ඇය...
තරු පිරි අහසට
සුසුම් හෙලන ඇය...

සම්මත මිනිසුන්
තුරුලේ සනසන ඇය..
අසම්මත ලොකයේ
සුන්දර පෙම්වතිය ඇය...

ආදරය නොවින්දත්
විරහව විඳින ඇය...
නෙතු පිරුනු කඳුලු කැට
ලොවට හොරෙන් වියලන ඇය..

සම්මත මිනිසුන්ගේ
රතී දෙවඟන ඇය.....
අසම්මතයේ සොඳුරු මිනිසාට
කන්‍යාවියකි තවම ඇය...............


Friday, August 3, 2012

එකම එක ‍රැයක්

රාත්‍රිය නිහඬයි..
මතකයන් අමරණීයයි..
නුඹ හා ගෙවුනු එකම මොහොත,
හිතට හරි උනුහුමයි....

නිහඬවම දෙතොල් සිපගෙන,
උනුහුමට ගුලිව සැඟවුන,
ඉකිගසා හඬන නුඹ,
අහිමි බව නොදැනුනා මට....

නිදි යහන පුරාවට,
අහිමිවුනු නුඹේ සුවඳ,
තරු පිරුනු අහස යට,
විසිරිලා හැමතැනම...............

අපි අපේ නොවන බව,
නොදැන අපි ලං වෙලා..
රත්‍රිය පුරාවට
සොඳුරු සිහිනෙක මම දැව‍ටුනා...

සැඟවිලා මේ සම්මතයෙන්,
අසම්මත උනා නම් මොහොතකට
එකම එක ‍රැයක්,
නුඹත් මමත්............................