Monday, November 14, 2016

මියදුනත් මා නුඹත් අහිමිව...

නුඹ දකිනු රිසි මම,
රැජිණක් ලෙසින් හැම දින,
සිනහවෙන් පිරුනු මුව,
සොඳුරුයි නුඹට හැම විට...

ඉඳින් මේ ප්‍රේමය,
දුකක් නම් නුඹ හට,
වහළියක් වී අසම්මතයට,
හඬනු කිම අද දුර්වලව...

මිදී පියඹන්න හනිකට,
නුඹට පුරුදු ලෝකෙට,
නපුර රජයන,
මා නොමැති අතීතෙට.....

මියදුනත් මා නුඹත් අහිමිව,
ආදරයෙන් හද පුරෝගෙන,
වෙන්න සොඳුරු බිරිඳක්,
නුඹේ හිමි කුමරුට.......

෴ ලොක්කයියා ෴



මේ අඳුරු රැය දිගයි...

මේ අඳුරු රැය දිගයි,
දැනෙන සිතිවිලි බෝමයි..
නුඹ නික්ම යන නිසාවෙන්දෝ..
තරු එළියත් මට හරි දුරයි..

උනුහුමත් නුඹෙ හෙට මගෙ නොවෙයි,
ඔය සුසුම් පොද දැන් හරි සීතලයි,
තනිය නිතරම මට හුරුයි,
මේ අඳුරු රැය අද හරි දිගයි....

෴ ලොක්කයියා ෴

 

නුඹයි සරා සඳ...

ප්‍රේමය නම් මට නුඹේ,
ජීවිතය වෙලා අද මගේ..,
උනුහුමක් තවරා හදේ,
නුඹයි දෙවඟන මගෙ ලොවේ...

මතකය පුරා සුවඳයි නුඹේ,
සංසාර පුරුද්දට වගේ...
මියැදෙන්න හෙට ලඟ නුඹේ,
මට පින් නැතිවා වගේ...

දෙනෙත් අග කඳුලු නුඹේ,
දකිනු රිසි නෑ සිත මගේ....
ඉතින් නොවුනත් නුඹ මගේ,
නුඹයි සරා සඳ හැම රැයේ....

෴ ලොක්කයියා ෴