Saturday, December 20, 2014

නුඹ මගේ නොවුනාට..

සංසාර පුරුද්දට,
අපි ආදරේ කෙරුවාට,
ජීවිතයම මගේ නුඹ,
කර ගන්න සිතුවාට,
අපි අපේ නොවෙන බව,
නුඹත් මට කීවාට,
හැර යන්නෙ කොහොම මම,
නුඹ මගේ නොවුනාට........

෴ ලොක්කයියා ෴

Monday, December 15, 2014

ඉඩදෙන්න මලකට....

ඉඩදෙන්න මලකට,
පිපෙන්න තව සුවඳවත්...
කියවි ඈ මද නලට,
සිප ගන්න ඒ සුවඳවත්...
පිපුනාට හැම කලට,
මල් උයන්වල තව සුවඳවත්...
හිමි නැතිද අනේ මට,
වැට පනින ඒ සුවඳවත්...

෴ ලොක්කයියා ෴


Sunday, September 28, 2014

මිය යාවි කෙදිනක...

දකිනවා මම අදටත්,
සැබෑ නොවන සිහිනයක් නුඹ ගැන..
ලඟින් නොසිටියත් හෙටටත්,
ලෙන්ගතුයි ඒ සිනහව තාමත්..

මිතුරියක්ව හිනැහුනත්,
හමුවුනු මග තොට හැමදාමත්,
පෙම්වතියක් නුඹ සෙනෙහෙබර,
රහසින්ම දෙකොපුල් සිඹින..

තවරා හාදු දෙතොලත,
විඳගන්න වරක් නුඹේ උනුහුම,
සිහිනයක් නම් එය,
මිය යාවි කෙදිනක...


Tuesday, August 12, 2014

මතකද හැන්දෑවක..

මතකද හැන්දෑවක,
සුලැඟිල්ලට මං නුඹේ,
පුංචි මුදුවක් දැම්මා..

පලඳින්නට මතු දිනයක,
රන් මුදුවක සිහිනය,
අපෙ හිත් තුල රන්දා....

දෛවයේ සරදමට,
අපි අපේ නොවුනාට,
අනේ අපි අද මුදු පලඳලා..

වෙනකෙකු අතගෙන,
අපේ සිහිනය බිඳගෙන,
අනේ අපි අද මුදු පලඳලා..

Monday, May 19, 2014

Good bye....

I woke up in the morning,
There was a shiny little star,
Sleeping beside me, holding my arm.
I looked her face, there was a tiny smile,
And it was so beautiful..

I was thinking of the days,
Where we were together,
And The moments we shared..
It was like a dream, which came true..

Sun will be rising, another day will come.
You and me together, our own world.
I’m wordless, how to express my feelings.
I always melt down, in front of you.

Life is too short, time is flying.
I want you to be.. happy all the time.
In the deepest place in my heart,
You always live…
The time has come, to say good bye……


--Lokkaiyaa--