Sunday, May 22, 2016

ඈ ගියා හිමිසඳ සොයා...

දෙතොල් පැටලී රස බලා,
රමණයේ අම සුව ලබා,
මහ දවාලක මා මග දමා,
ඈ ගියා හිමිසඳ සොයා...

විසිරුණු ඇතිරිලි සොයා,
රැඳි සුවඳ නුඹෙ වත දරා,
මතකයන් මා හද රඳා,
මා ගියා පතිනිය සොයා...

෴ ලොක්කයියා ෴