Wednesday, June 13, 2012

හීන අරන් ආයෙමත්

සුදු අතින් අල්ලගෙන,
හිමිදිරියේ පිනි වැ‍ටුනු,
ගුරු පාර කෙළවරක,
ඇවිදයන්න ආයෙමත්....

වෙල් එලියේ මඳ සුලඟට,
දඟ කරන නුඹේ කෙහෙ‍රැලි,
වසාගත්  නුඹේ දෙකොපුල්,
සිපගන්න ආයෙමත්....

උරතලයේ හිස හොවාන,
සුවෙන් නිදන නුඹ දිහා,
ඇසිපිය නොහෙලා නෙත්,
බලන් ඉන්න ආයෙමත්....

හීනෙනුත් හිත ඉල්ලන,
හිත පුරා දඟ කරන,
නුඹේ පිරුනු ආදරය,
විඳගන්න ආයෙමත්.....

මං එන්නද හෙට උදේම,
හීන අරන් ආයෙමත්............

Friday, June 8, 2012

පළමු හාදුව..

අදරෙන් මං දුන්න,
පළමු හාදුව නුඹට,
අමතක වෙන්නෙ කොහොමද,
නුඹ නැති උනාට
අද මගේ ලඟ....

හදවතින් ගැහි ගැහී
නළල් තලය සිපගත්තෙ මං,
අද වගේ දවසක
නුඹට මතකද?

සීතලට මිදුනු,
මගේ දෙතොලග
උණුසුම් කලා මොහොතකට,
ආදරේ පුරෝගෙන,
නුඹට මතකද?

තරු එක්කත් හිනා උනු
නුඹේ ඔය දෙනෙත් යුග,
කියාදුන්න මට ආදරේ ගැන..
මට වගේ අද නුඹට මතකද?