Saturday, April 28, 2012

රාත්‍රිය තවම තරුණයි..

රාත්‍රිය තවම තරුණයි,
උණුහුමට ඇය තුරුලු වෙයි,
මෙය අලුත් ආරම්භයක් ද?
මෙය අලුත් ජීවිතයක් ද?
එනමුදු සිත තවම,
නුඹ සොයයි..........

කාලය සෙමෙන් ගෙවීයයි,
අලුත් සිහින මහ ගොඩයි,
ඇය නම් පෙරදා වගේමයි,
ආදරෙන් මට තුරුලු වෙයි,
එනමුදු තවමත්,
නුඹේ මතකය එහෙමමයි......

සිතිජඉම හරිම සොඳුරුයි,
අපෙ අතීතය වගෙයි,
මතකය බොහොම දුරයයි,
ජීවිතය අද නැවතිලා වගෙයි,
එනමුදු මං ඇයට,
මහ ගොඩක් ආදරෙයි..........

෴ ලොක්කයියා ෴

Thursday, April 26, 2012

කින්නරාවියේ නුඹ...

කින්නරාවියේ නුඹ,
ගිනි වැද්දුවා මුලු හිතම,
සරාගී දෙනෙතින්,
හිනැහිලා මට....

‍රැයම මගෙ සොරා ගෙන,
හීන ඔක්කොම ගුලි කරන් නුඹ,
වැතිරුනා මගෙ සයනයේ,
උණුහුමින් මා වෙලාගෙන...

සෙවනැල්ලටත් නොකියාම,
පියමැන්න කින්නරාවි නුඹ,
නිතඹ නළවන අපුරුවට,
පෙම් කලා මං හැමදාම....

තරු ගොන්නට සඳක් වුනු,
කින්නරාවි මගේ නුඹ,
හදවතට තුරුලු කරන් මම,
දකිනවා තවම ඒ කින්නර සිහිනය...

෴ ලොක්කයියා ෴

Tuesday, April 24, 2012

ඕලු මලක් තැනුවා...

කිරි කොතලෙට ගොම වැ‍ටුනට,
කොතලෙන් කිරි බිව්වා...
පැණි මත කුහුඹුවො වැසුවට,
පැණි වල රස බැලුවා...
පිපාසයට කර දියරෙන්,
අමා පැනක් සැදුවා....
පෙති විසිරුණු සියපතකින්,
ඕලු මලක් තැනුවා.......

ඉර ගොරවා සඳ ගොරවා,
මට කලුවර කෙරුවා...
කලු දිය පොකුණක පතුලේ,
මට යහනක් තැනුනා...
මම හදාපු ඕලු මලෙන්,
මට සුවඳක් දැනුනා...
නෙලුම් මලක ‍රැදුන සුවඳ,
ඕලු මලෙත් තිබුනා....


Friday, April 20, 2012

ඔයත් එක්කම..

මහමෙරක් තරම් ආදරේ කරලා,
එකට ගුලි වෙලා ජීවිතේ බෙදාගෙන,
වෙන් වෙලා යනකොට දුක තමයි,
ඒත් මොනව කරන්නද,
අපි අපිට ආදරේ කරාට,
කවදාවත්ම එක් වෙන්න බැරි තරමටම,
බාධක පිරිලා....

ඔයාට අයිතිවාසිකම් කියන්න,
තව කෙනෙක් ඉන්න කොට,
දෙමව්පියන්ට රිදවන්නෙ කොහොමද මං,
එයාලට හොරෙන් ඔයාව ගෙනිහින්,
එතකොට මටත් දුකයි,
ඔයා දුක් විඳිනකොට....

ඔයාටත් ඕන උනේ මට ආදරේ කරන්න,
හැබැයි එයාගෙ වෙලා දුරින් ඉඳගෙන,
මට ඕන උනේ ඔයාව මගේම කරගන්න,
හැමදාම ලඟින් ඉඳන් ආදරේ කරන්න,
උණුහුමට තුරුලුවෙලා කතන්දර කියන්න,
වැස්සට තෙමිලා අව්වට වේලෙන්න,
හැබැයි ඔයත් එක්කම.....

බෝල බෝල අකුරු වලට ආදරේ පුරෝලා,
සිය ගනන් ලියුම් ලියපු අපි,
අද දෙපැත්තකට වෙලා කඳුලු පුරවන්,
ආදරේ ගැන කතා කරනව...
ඇත්තටම අපි,
ආදරේ කරා කලින් වැඩිද?


෴ ලොක්කයියා ෴





Monday, April 16, 2012

කඩුපුල් මලක්..

කඩුපුල් මලක්,
පිපිලා මුලු රෑ පුරාම,
නිදි යහන පාලුනෑ,
මල් සුවඳ හැම තැනම....

රාත්‍රිය විතරක්ද,
අපි අපිට උරුම,
ඇසුවා ඇය මගෙන්,
දෙනෙත් අඟ කඳුලු පුරෝගෙන...

මගේ වේ නම් ඇය සදහට,
නොවැටේවි ඔය කඳුලු කැට,
ඇය තවමත් අයිති ඔහුටමයි,
අසම්මතයි මගේ පෙම.....

෴ ලොක්කයියා ෴

Friday, April 13, 2012

සුභ නව වසරක් වේවා!....

කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභම සුභ නව වසරක් වේවා!....


Wednesday, April 11, 2012

නුඹේ ඒ මිහිරියාව.

සීතල හිරි පොද,
නුඹේ වත සිප ගනිද්දී,
නිහඬවම බලා සිටියා මම,
නුඹේ සුවඳ විඳගන්න..

ගෙවී ගිය සුලු මොහොත,
කල්පයක් සේ දැනුනි මට,
නුඹේ සරාගී දෙනෙත් හමුවේ,
මට මාද අමතක විය...

වෙන් උනද අප එකිනෙකාගෙන්,
දෙනෙයි තවම මට,
මා උණුසුම් කල,
නුඹේ ඒ මිහිරියාව....

෴ ලොක්කයියා ෴

Books

මේ ටිකේම මුකුත් ලියන්න බැරි උනා, මේකෙන් ටිකක් ඈත් වෙලා මට හම්බවුන පුරාවිද්‍යත්මක ප්‍රබන්ධ පොත් 3 ක් කියෙව්වා.  "මායාව (The Deception)", "රාජ උරුමය (The Legacy)", "රාවනා මෙහෙයුම". මේ පොත් නිසා මට දෙන් පුරවිද්‍යව ඉගන ගන්න හිතිල තියෙන්නේ.

පුලුවන් උන වෙලාවක මේ පොත් කියවල බලන්න.



Friday, April 6, 2012

මටම හීනයක් වෙලා....

දු‍ටුව මං සිහිනයක්
රාත්‍රිය පුරාවට,
නුඹ හිටිය, මං හිටිය,
අපිට අහිමි වර්ථමානෙක....

නටබුන්ව ගිය අතීතයෙ,
හෙවනැලිත් දැන් මැකිලා,
ගෙවපු ඒ සොඳුරු මොහොත,
හීනයකම වෙලා.....

නුඹ දිහා බලන් මං,
ලිව්ව කවි සේරම,
කඳුලු වලටම බොඳ වෙලා,
නුඹ නැතුව මගෙ ජීවිතේ,
මටම හීනයක් වෙලා...........

෴ ලොක්කයියා ෴

Thursday, April 5, 2012

හඬන්නෑ මං තනියම..

සඳ ලඟ තියන්,
තරුවකට පෙම් කරල.
විඳවන්නෙ මං,
මේ ජීවිතේ....

ඈ හින්ද මං,
වින්දෙ මෙපමන දුක්,
දුන්නු හින්ද වෙන්නැති,
නුඹට කප්පරක් ගිනි....

පාලුවට ගිහින්,
මගේ සිහින ඔක්කොම,
නුඹ සිටිය නම් දැන්,
හඬන්නෑ මං තනියම...

෴ ලොක්කයියා ෴

Wednesday, April 4, 2012

ආලවන්ත නුඹ..

ආලවන්ත නුඹේ,
හිත රිදවනු නොහැකියෙන්,
මළානික දෙනෙත් අඟ,
කඳුලු දකිනට නොහැකියෙන්,
යන්න ගියා මං,
නොදොඩම,
නොහඬාම,
ආපසු නොහැරීම,
පැතුවා මං හදවතින්ම,
මෙවන් දිනක්,
යළි නොඑන්නට,
නුඹේ දිවියට ......


෴ ලොක්කයියා ෴

Tuesday, April 3, 2012

නුඹේම වන්නට..

හිත හිරිවට්ටන 
ඔය නෙතු සඟලට
පෙම් කෙරුවා මං හැමදාමත්...

නුඹේම වන්නට
හුරතල් වන්නට 
පෙරුම් පිරුවා මං හැමදාමත්...

නුඹේම නෙතඟින් 
දුරස් කරන විට
හැඬුවා හිත මගෙ හැමදාමත්...

වෙනකෙකු අතගෙන 
දිවි දුර යද්දිත්
හිත ඉල්ලුවේ නුඹ හැමදාමත්...

නුඹ නෑ මගේ ලඟ.

පැතුම් ගොඩක් හද පුරෝගෙන,
පියුම් හතක් දෝත දරාගෙන,
මතකද අපි පිය මැන්නා,
බුදු සාදු වඳින්නට.....

මල් පහන් පුද කර,
පැතුවා ලඟින් ඉන්නට,
හැමදාමත් මුලු සංසාරෙම,
උපදින හැම භවේදිම...

බෝ මලුව පාලුයි,
පැතුම් පොදි එහෙමමයි,
හැබැයි මං අද තනියෙන්,
නුඹ නම් නෑ මගේ ලඟ.....

෴ ලොක්කයියා ෴

Monday, April 2, 2012

හිතුවක්කාර මං

හිතුවක්කාර මං..
රිදෙව්ව හොඳටෝම,
නුඹේ පුන්චි හිත..

මුවැත්තියක් වුනු නුඹ..
විසල් යුගනෙතින්,
බලා සිටියා මදෙස..

ඳුක හිතුනා මටත්.. ඒත්,
පමා වැඩියි හොඳටෝම,
නුඹ අයිති නෑ දැන්,
මගේ ලෝකෙට..


෴ ලොක්කයියා ෴

Sunday, April 1, 2012

මං මෙතන මියැදිලා...


නුඹ හින්ද මං දැක්ක,
හීන ඔක්කොම බොඳ වෙලා..
නුඹ කියූ වදන් වලට,
මගේ හිත ගල් වෙලා....

අඬන්නට කඳුලු නැතුවම,
මගේ නෙතුයුග වේලිලා....
ලියූ සිය දහස් කවි එක්ක,
මගේ හිත දැන් තනිවෙලා....

මල් පිපුනු  වසන්තයම,
ඉඩෝරයකට අද අහුවෙලා..
නුඹ දුන්නු දුක එක්ක,
මං මෙතන මියැදිලා.....


෴ ලොක්කයියා ෴

මගෙ සිහිනය

ඔසරි පොටින්, මාල හතෙන්,
නුඹ හැඩ වෙද්දී...
පාවඩ එලා, උඩුවියන් බැඳ,
මඟුල් බෙර වැයෙද්දී..
කෙන්ඩියෙන් පැන් දොවා,
රන් හුයෙන් ඳෑගිලි පැටලෙද්දී...
බුලත් හුරුල්ලෙන්, ජය මඟුලෙන්
ආසිරි ගී ගැයෙද්දී...
නුඹේ අතගෙන, පොරු මත හිඳ
හිනැහෙමින් ඔහු මදෙස බලදී......
මළ බෙර වැයුනා මගෙ සිහිනයට
නුඹ අද පිටගම් යද්දී.......

෴ ලොක්කයියා ෴