Tuesday, February 21, 2012

සිත්තරාවිය..

සීතලට පිනි වැටෙන,
රාත්‍රිය පුරාවට....
සඳ එලියෙන් නැහැවුන,
සිනිඳු සියොලඟ,
සිප ගෙන මොහොතකට,
බලාසිටියා මම..
මගේ සිහිනය සිත්තමට නැගු,
සිත්තරාවිය දෙස.........

Sunday, February 19, 2012

Day - 02

ඔන්න මගෙ දෙවනි දවස. නිවාඩුවක් හම්බ වෙනවා කියන්නෙ නම් ඉතින් හීනයක්. හිතන්නවත් වෙලාවක් නැති මට සමහර වෙලාවට මෙහෙමත් හිතෙනව.....

ඔබ නැතුව ඉන්න බැරි තරමට,
ඔබ හිතට ඇවිත් හෙමි හෙමිහිට.....
ඔබ නොදැක ඉන්න බැරි තරමට,
 සිත ඔබව සොයනව දවසෙම...

Sunday, February 12, 2012

Day - 01

ඔන්න ඉතින් මාත් බ්ලොග් එකක් ලියන්න හිතුවා.. මෙක හිතුව තරම් අමාරුත් නැ වගේ.

ලොක්කයියා කිව්වම ඔයාල හිතයි චන්ඩියෙක් කියලා, එත් මම චන්ඩියෙක් නෙමෙයි ශේප් එකේ ඉන්න සිම්පල් කොල්ලෙක්. ආදරේට "ලොකූ" කියලත් කියනවා. ඉතින් මම හිතගෙන ඉන්නෙ මට දෙනෙන හිතෙන දේවල් මේකෙ ලියන්න, හෙම දෙයක් ගෙනම. ඔගොල්ලන්ටත් හිතෙන දෙවල් මට කියන්න.. අපේ අත්දැකීම් තවකෙනෙක්ගෙ ජීවිතේට ගොඩක් උදව් වෙයි කියල මට හිතෙනවා.