Sunday, July 1, 2012

හැන්දෑව...

නුඹේ දෑත පටලාගෙන,
ගං ඉවුර කෙළවරක,
ඇවිද ගිය හැන්දෑව,
සොඳුරුයිද මොනතරම්....

මන්දාරම් වැහි පොදට,
හමා එන සීතල සුලඟට,
තෙමුනු නුඹේ සියොළඟ,
සොඳුරුයිද මොනතරම්....

වැහි බිඳු සිපගත්ත,
නුඹේ සිනිදු දෙකොපුල්,
සිහින් දෙතොල් පෙති,
සොඳුරුයිද මොනතරම්....

සීතලට ගැහෙන,
ඇඟිලි තුඩු සිපගෙන,
මගේ උනුහුමට ගුලි උන,
හාදු වැස්සෙන් මා තෙමාපු,
ඒ මන්දාරම් හැන්දෑව,
සොඳුරුයිද මොනතරම්....