Sunday, October 21, 2012

මළවුන්ගේ නගරය....

මළ සොහොන ඉවකර,
ආත්මය සොරාගෙන,
රෑ දොළහේ කනිසමට,
නුඹත් එක්ක නිදි වදින්න..
සොහොන් ගැබ හාරන්න,
බකුසු හූව ඇහෙන රෑක,
සඳ ගිලුනු අමාවකක,
උලලේනිගෙ විලපයට,
කීරි ගැහුන හිත අරගෙන...
මං එන්නම් සොඳුරියේ,
මළවුන්ගේ නගරයට...



Thursday, October 18, 2012

සුන්දරී.....

හදේ කොනක ඉපිද,
ඒ කොනෙහිම මියැදුන,
වලලන්නට ඉඩක් නැතිව,
ගිනි දල්වා දවා අළු කල,
මළ බතක් නොඋයාපු,
මළවුන්ටම කැපවුනු,
පුනරුප්පත්තියක් නොපතන,
සුන්දරී.....
නුඹයි මගේ ප්‍රථම ප්‍රේමය...


Tuesday, October 16, 2012

මගේ අවලං ආදරේ..

තරු ගොන්නේ දිළිසෙන,
පුංචිම පුංචි තාරකාවි,
දුරින් හිටියත් හැමදාම,
ඇයි නුඹට මං ,
මේ තරම්ටම ලෙන්ගතු?

නුඹ නොදන්න,
මම විතරක් දන්න,
නුඹේ සුවඳට පෙම් කරන,
ඒ ආදරේ හින්දද,
නුඹට මේ තරම් ලෙන්ගතු....

දිළී හිනැහෙන ඔය දෙනෙත් අග,
දැවී අළු වෙන මගේ හදවත,
මටත් හොරෙන් නුඹ ඉල්ලන,
ඒ ආදරේ හින්දමද,
මං මේ තරම් ලෙන්ගතු....

තරු පිරුනු හැම රෑක,
සයනයේ වැතිරගෙන,
දකින ෆැන්ටසි හීනෙ හින්දද
නුඹට මේ තරම්,
මම ලෙන්ගතු....

නෙලා නොගෙනම දෝතට,
සුවඳ විතරක් විඳින,
මගේ අවලං ආදරේ,
එපා කියන හින්ද වෙන්නැති,
මගේ හිත මේ තරම්ම,
නුඹට ලෙන්ගතු.....................