මම ඔයට ගොඩාරියක් ගොඩාරියක් ආදරෙයි, වචන වලින් කියන්න බැරි තරමට. අදටත් මට උත්තර හොයාගන්න බෑ, ඇයි මම ඔයාට මේතරම් ආදරේ කියලා. හැමදාම ඔයා ලඟට වෙලා ඉන්න මම ප්රාර්ථනා කරනවා. එත් එහෙම වෙන්නෙ නෑ කියල මම දන්නවා.
කියා ගන්න බැරි තරම් දුකක් වේදනාවක් හිතේ තියාගෙන අද මම ඔයාගෙන් ඈත් වෙලා යන්නෙ. හැම මොහොතෙම ඔයා මගෙ ලඟ ඉන්නවා කියලා මට දැනේවි. මට හරිම පාළුයි. හැමදාම මට කතා කරන්න. එතකොට මට ටිකක් හරි පාළුව මඟ ඇරේවි. ආයෙමත් දවසක ඔයා ලඟට එන්න මම ඇඟිලි ගනිනවා.. ඒ දවස ඉක්මනින් උදා වෙන්න කියල මම ප්රාර්ථනා කරනවා.
මෙච්චර දුකක් කියලා දන්නවා නම් ඔයාට ආදරේ කරන එක, මම කවදාවත් ඔයාට ආදරේ කරන්නෙ නෑ. මම මුළු ජීවිතේම ඔයාට මේ විදිහට ආදරේ කරවි. පණටත් වඩා මම ඔයාට ආදරෙයි. මම එනකන් පරිස්සමින් ඉන්න. බුදු සරණයි ඔයාට.
ආදරණීය _______.
Friday, January 18, 2013
Thursday, January 17, 2013
නුපුරුදු සුවඳ...

නුඹේ නුපුරුදු සුවඳ...
හැඟෙනවා මට තවම
පසෙකින් නුඹ සිටිනා බව....
සිතකින් නම් නොවේ මම
වෙන්ව ගියේ අද දින....
විඳිනවා තවම මම
නුඹේ ඔය ආදරය....
දෙතොලඟ පුරා රැඳුනු
සිනහවට පෙම් කලා මම....
දෑඟිලි පටලා සුරත ගෙන
සිපගත්තා මම නුඹේ මුව...
මොහොතකට පෙර නික්මෙන්න
දුටුවා මම නුඹේ වත...
දහසකුත් වදන් සිරවෙලා
කඳුළු පිරි දෙනෙත් අග..
ගෙවුනු කාලය නුඹ ලඟ
සොඳුරුයි නුඹසේම...
මියැදෙන්න හිතෙනවා මට
සදහටම නුඹේ ලඟ..............
Monday, January 7, 2013
Subscribe to:
Posts (Atom)