
ගෙනගියා සිත, අනන්තය වෙත..
බිඳුනු බඹසර පසෙකලා මම,
දැහැන් පිරුවා නිවන් දක්නට...
පෙරුම් පුරාගෙන, නුඹේම වන්නට,
නොදැමුනු සිතින් පෙම් කලා මම...
විරහව දුකක් නොවේයැයි නොදැනුනා මට,
හැර ගියදා නුඹ මගේ පෙම...
නෙලුම් මල් මිටක් ගෙන,
බුදු පුදට පියමැන්න මට,
වැටහුනා මේ සියල්ල,
මොහොතකින් නැසෙනසුලු බව..
දිගු කෙහෙරැල් සිඳලා මම,
කසාවතක් ගත රුවාගෙන,
සසර කතරෙන් එතෙර වන්නට,
පාරමී දම් පුරමි අද දින,
මෙහෙණියක වී සඳුන් සෙවනක...
෴ ලොක්කයියා ෴
ම්ම්ම්ම්....ලස්සනයි....
ReplyDeleteස්තුතියි මචෝ..
Deleteවෙසක් කලාපයට සහයෝගයක් වගේ.
ReplyDeleteබලාපොරොත්තු වෙනව නොනැවති ලියයි කියලා.. ජය !
ස්තුතියි මචෝ.. මාත් හිතාගෙන ඉන්නෙ නම් එහෙම තමා :)
Deleteගොඩාක් ලස්සනයි .......
ReplyDeleteස්තුතියි නගෝ....
Delete