Sunday, July 1, 2012

හැන්දෑව...

නුඹේ දෑත පටලාගෙන,
ගං ඉවුර කෙළවරක,
ඇවිද ගිය හැන්දෑව,
සොඳුරුයිද මොනතරම්....

මන්දාරම් වැහි පොදට,
හමා එන සීතල සුලඟට,
තෙමුනු නුඹේ සියොළඟ,
සොඳුරුයිද මොනතරම්....

වැහි බිඳු සිපගත්ත,
නුඹේ සිනිදු දෙකොපුල්,
සිහින් දෙතොල් පෙති,
සොඳුරුයිද මොනතරම්....

සීතලට ගැහෙන,
ඇඟිලි තුඩු සිපගෙන,
මගේ උනුහුමට ගුලි උන,
හාදු වැස්සෙන් මා තෙමාපු,
ඒ මන්දාරම් හැන්දෑව,
සොඳුරුයිද මොනතරම්....


25 comments:

  1. ආයෙත් දවසක ඒ සොඳුරු හැන්දෑවෙ
    ඔබ සමග තනිවෙන්න ඇත්නම
    ජීවිතේ සොඳුරුයිද මොනතරම්....

    ReplyDelete
    Replies
    1. හම්ම්ම්ම්ම් ඒක හීනයක නොවේවා..

      Delete
  2. හ්ම්ම්ම්......

    "ඒ මන්දාරම් හැන්දෑව,
    සොඳුරුයිද මොනතරම්...."

    ReplyDelete
    Replies
    1. කාලෙකට පස්සේ...

      Delete
  3. මතකද හැන්දෑවේ අපි දෙන්නා සීන් එක වගේ :)

    ReplyDelete
    Replies
    1. සෑම් කිව්වම තමයි මටත් මතක් උනේ..

      Delete
  4. ළබැඳි සිතුවිල්ලක්... වැහි වැටෙන හැනිදෑව මේ වගේ මනරම්

    ReplyDelete
    Replies
    1. ස්තුති සර්... ඔබතුමා අපිට ලොකු හයියක්..

      Delete
  5. හරිම ලස්සන කවි සිතුවිල්ලක්...

    ReplyDelete
  6. මටනම් මතක් වුණේ මිණි මිණි පොද වැටේවි ගීතය
    හරිම ලස්සනට ලියැවුණ සිතුවිල්ලක්..

    ReplyDelete
    Replies
    1. ස්තුති නන්ඳු..

      Delete
  7. Replies
    1. ස්තුතියි හිතූ.....

      Delete
  8. මේ කවිය මගෙ හිතට සොඳුරුයිද කොයිතරම්

    ReplyDelete
    Replies
    1. අතීතය මතක් උනා නේද?

      Delete
  9. ඒසොඳුරු හැන්දෑව
    මෙනෙහිකරනා විටදි
    කොනිත්තා හිත් මඩල
    නෙත් අගට කඳුළු දෙන
    ආදරේ පෙරලිලා
    විරහ වේදනාවට
    ලියන මේ සිතුවිල්ල
    මනරම්ද කොයිතරම්.....

    ReplyDelete
    Replies
    1. හෙන්දිරික්කා මල් පිපෙන හැන්දෑව,
      වගේ සොඳුරුයි ඒ ආදරයත්...
      කොතරම් දුකක් උනත්,
      ඇගේ උනුහුම දැනෙනවා තාමත්.....

      Delete
  10. අතීතය සොදුරුයිද ‍මොනතරම්...

    ලස්සනයි කවිටික හැමදාම වගේ පින්තූරෙත් සුපර්.....

    ReplyDelete
  11. කඩුගන්නාව හන්දියෙදි දවසක්....

    නා කපන වැස්ස වෙලාවෙ,
    පොඩි කුඩයක් යටින් යන දෙන්නෙක්,
    කුඩේ මදි දෙන්නට නොතෙමී යන්න.....
    අනික එන හුලඟත් එක්ක එක වැස්සෙන් තුන් හතර වතාවක් එක පාරට තෙමෙනව,
    ඒත් උන් දෙන්නෙගෙ මූණු වල තිබ්බ සන්තෝසෙ,
    ඇස් වල තිබ්බ දීප්තිය,
    ඒක හෝදල අරින්න ඒ මහා වැස්සට බෑ!

    ප.ලි
    මම පැත්තකට වෙලා තට්ට තනියම මේ දෙන්න දිහා බලන් හිටිය.මගේ කෙනා කවුද කියලවත් මට තවම හොයාගන්න බැරිවෙච්චි එකේ වෙන මුකක් කරන්නද.......?

    ReplyDelete
  12. හ්ම්ම්..ලස්සනම ලස්සනයි ලොක් අයියේ! :)

    ReplyDelete
  13. //..නුඹේ දෑත පටලාගෙන,
    ගං ඉවුර කෙළවරක,
    ඇවිද ගිය හැන්දෑව,
    සොඳුරුයිද මොනතරම්....//

    හැමදාමත් වගේ කවි ටික හරිම ලස්සනයි අයියේ....

    ReplyDelete
  14. මතක් වෙනකොට
    සොඳුරුයිද මොනතරම්...

    ReplyDelete
  15. ඒ මන්දාරම් හැන්දෑව,
    සොඳුරුයිද මොනතරම්

    සොඳුරුයිද මොනතරම්....

    ReplyDelete
  16. සියොලඟම කිති කැවෙන
    හැඟුමකින් මා වෙළුව
    ඔබේ නෙත් කවුළු තුල
    සැම විටම මා දුටුව
    නුඹේ දෙතොල් සිප ගත්ත
    වැහි බින්දු මම සිඹ
    ඒ එකම හැන්දෑව
    මොනතරම් සුන්දරද?

    කොමෙන්ට් එකක් පරක්කු උනාට සොරි වේවා.මේකට ලස්සනයි කියල විතරක් කියල යන්න හිත දුන්නේ නෑ.කවියක් ලියාගන්න දත කෑවා මිසක්.....

    ReplyDelete