
ගැබ්බරයි ඇය....
පහන් කණුව යට එළියෙන්
වීදි සරන සමනළිය ඇය....
සෙනෙහස නොවින්දත්
ගත සනසවන ඇය...
තරු පිරි අහසට
සුසුම් හෙලන ඇය...
සම්මත මිනිසුන්
තුරුලේ සනසන ඇය..
අසම්මත ලොකයේ
සුන්දර පෙම්වතිය ඇය...
ආදරය නොවින්දත්
විරහව විඳින ඇය...
නෙතු පිරුනු කඳුලු කැට
ලොවට හොරෙන් වියලන ඇය..
සම්මත මිනිසුන්ගේ
රතී දෙවඟන ඇය.....
අසම්මතයේ සොඳුරු මිනිසාට
කන්යාවියකි තවම ඇය...............