
එකට ගුලි වෙලා ජීවිතේ බෙදාගෙන,
වෙන් වෙලා යනකොට දුක තමයි,
ඒත් මොනව කරන්නද,
අපි අපිට ආදරේ කරාට,
කවදාවත්ම එක් වෙන්න බැරි තරමටම,
බාධක පිරිලා....
ඔයාට අයිතිවාසිකම් කියන්න,
තව කෙනෙක් ඉන්න කොට,
දෙමව්පියන්ට රිදවන්නෙ කොහොමද මං,
එයාලට හොරෙන් ඔයාව ගෙනිහින්,
එතකොට මටත් දුකයි,
ඔයා දුක් විඳිනකොට....
ඔයාටත් ඕන උනේ මට ආදරේ කරන්න,
හැබැයි එයාගෙ වෙලා දුරින් ඉඳගෙන,
මට ඕන උනේ ඔයාව මගේම කරගන්න,
හැමදාම ලඟින් ඉඳන් ආදරේ කරන්න,
උණුහුමට තුරුලුවෙලා කතන්දර කියන්න,
වැස්සට තෙමිලා අව්වට වේලෙන්න,
හැබැයි ඔයත් එක්කම.....
බෝල බෝල අකුරු වලට ආදරේ පුරෝලා,
සිය ගනන් ලියුම් ලියපු අපි,
අද දෙපැත්තකට වෙලා කඳුලු පුරවන්,
ආදරේ ගැන කතා කරනව...
ඇත්තටම අපි,
ආදරේ කරා කලින් වැඩිද?
෴ ලොක්කයියා ෴
:(
ReplyDelete:'(
ReplyDelete"ඔයාටත් ඕන උනේ මට ආදරේ කරන්න,
ReplyDeleteහැබැයි එයාගෙ වෙලා දුරින් ඉඳගෙන,
මට ඕන උනේ ඔයාව මගේම කරගන්න,
හැමදාම ලඟින් ඉඳන් ආදරේ කරන්න"
මම ආසම කොටස. මගේ ආදරේටත් උනේ ඕකමයි, මම ලියුව කවියක් වගේ මගේ අදහස් වගේ මට දැනෙනවා. හරිම ලස්සනයි. අදයි මේ පැත්තේ ආවේ. දිගටම එන්නම් :)
අපි හිතන පතන දේවල් ඒ විදිහටම වෙනවා නම් කොච්චර හොඳද...
Deleteඇත්තම කිවුවොත් එහෙම හිතනවා විතරයි එත් හිත හදා ගන්න බෑ
Deleteවර්ණා..... :(
Deleteපව් ඔයා....
ඒත් නොලැබෙන දේවල් ගැන ආසාව... ගොඩක් අමාරුවෙන් උනත් අත ඇරගන්න එක අපේ ජිවිත වල එක්තරා ජයග්රහණයක්...
සමහරවිට අපි හිතන දේ නොවෙන එකටම වෙන්න ඇති "ජිවිතේ" කියන්නේ...
ReplyDeleteඑහෙම හිතලා හිත හදා ගමු නේද?..
Deleteඇත්තම කිවුවොත් එහෙම හිතනවා විතරයි එත් හිත හදා ගන්න බෑ
Deleteහුඟාක් දුකයි!!!
ReplyDeleteහිත කීරි ගැහෙනවා මේ ආදරේට..... ආදරේ කළා කලින් වැඩිද, නැත්තම් පරක්කු වැඩිද
ReplyDeleteමගේ පැත්තෙන්නම් හිතෙන්නෙ පරක්කු වැඩියි වගේ..
Deleteහම්මියෝ මම මේ කල්පනා කලේ මගේ කතාවමද කියලා...
ReplyDeleteඅදමයි ආවෙ මේ පැත්තට...
ලස්සනයි අදහස..........
බොහෝම ස්තුතියි..
Deleteඉස්කෝලේ යන කාලේ නැතුව, මීට අවුරුදු 4 කට විතර කලින් උනා නම් මේ කතාව මීට වඩා වෙනස් වෙන්න තිබ්බා..
ReplyDeleteඒත් ඒ අතිතය ලස්සනයි අවසානය දුකක් උනත්..
Deleteඇත්ත... ඒත් ඒ අතීතය අවසන නොවී වර්ථමානයම උනා නම්......
Delete"ඇත්තටම අපි,
ReplyDeleteආදරේ කරා කලින් වැඩිද?"
මෙන්න මේක මටත් හිතෙන වාර ගාන අනන්තයි අයියේ,ඒත් කසාද බැන්දට පස්සේ ප්රශ්න ඇති වෙනවට වඩා කලින් එහෙම ඇති වෙලා ඒව නැතිවෙලා යන එක,එක අතකට හොඳයි කියලත් හිතෙනවා
මගේ ජීවිතේ ආසන්නතම සිදුවීමත් ඔය වගේ එකක් තමයි....
ReplyDeleteඅපි කවදාවත් අපිට වැඩිපුරම ගැළපෙන ආදරේ හොයාගන්නව අඩුයි...
නිතරම ඊට වඩා අඩු එකක් ළඟ තමයි අපි නතර වෙන්නෙ....
සමහර විට මේකත් එහෙම දෙයක් වෙන්න පුලුවන්...
ලස්සනයි ලොක්කයියෙ ගොඩාක්..
දිගටම ලියන්න...
ජය
මේ පැත්තෙ ආවට ස්තුති පවනි, ජීවිතේ කියන්නෙ ගලාගෙන යන ගඟක් වගේ. මොනතරම් දේවල් හම්බ උනත් නතර වෙන්නෙ නෑ, වේල්ලක් බැඳලා හරස් කලොත් මිසක්.
Deleteම්..........මොනවා කියන්නද කියලා තෙරේන්නෙ නෑ එත් මටත් ඔය ටිකම වෙන්න ගිහින් නෑවතුනා.......... එත් අදටත් ඈයි එහෙම උනේ කියලා හිතා ගන්න බෑ.........
ReplyDeleteමොනවා උනත් ලස්සනට ලියලා තියනවා මරු...........