
මරතෝන්ඩිය රටා මවන්...
පෑල දොරෙන් ගෙට ගෙවදුන,
මගේ ෆාතිමා...
මොට්ටැක්කිලි තිරෙන් වසන්,
ඇඟිලි තුඩින් රටා මවන..
ලොවට හොරෙන් මගේම උනු,
මගේ ෆාතිමා...
තිරුංගල් තෝඩු අරන්,
මං එනකොට දුරක ඉඳන්...
පැලලි දොරෙන් එබී බලන,
මගේ ෆාතිමා...
සිහින් හඬින් සිනා සෙමින්,
හුරතලේට තුරුළු වෙමින්..
රාමලාන් සඳට එබෙන,
මගේ ෆාතිමා...
මරු කවියක්..
ReplyDeleteඅර ගිය දිහාවෙද හිටියේ .. එහේ හැබැයි වැඩිපුර ඉන්නේ.. ජෙනීලා, කැතීලා, ජොසපීන්ලා
මෙහෙන්දි රටා දැක්කාම කතා ගොඩක් මතක් වුණා...
ReplyDeleteරාමලාන් සඳ බලන්න එන්න ෆාතිමා..
ReplyDeleteලස්සනයි සහෝ... :)
sinhala nathi nisa ane penne na apu dawasata balannam loku....puluwannam mama dalathiyen gajat eka danna eka hodayine sinhala nathi ayatath balanna...ekmanin ennam wenada wage blog balanna.
ReplyDeleteලස්සනයි අයියෙ!! මරතොන්ඩි ගාපු අත් වල අමුතු ලස්සනක් තියෙන්වනෙ..
ReplyDeleteෆාතිමාලා කුංකුම තිලක තියනවද?මම හිතුවෙ හින්දු අය තමයි එහෙම තියන්නේ කියලා.
ReplyDeleteමට ෆාතිමා අක්කව මතක් උනා.... සයිබරේ ඉන්නේ :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
අපේ ඉක්කුල් වැන් එකේ ගිය කළුම කැත කෙල්ල. පාතිමා !
ReplyDeleteෆාතිමා///
ReplyDeleteලස්සනම ලස්සනයි යාලු :)
ReplyDeleteදිවුල්ගනේගේ ගිතය මතක් වුණා.
ReplyDeleteඅප්පා......ඔව්ව දුර දිග යන වැඩ ලොක්කයියෙ...පරිස්සමෙන්...!!!
ReplyDeleteදිවුල්ගනේගෙත් සිංදුවක් තියෙනවා නේද ඔය වගේම වචන සෙට් එකක් තියෙන
ReplyDeleteරාමලාන් සඳ බලන්න එන්න ෆාතිමා!!!!!!!!
ReplyDeleteඇසුනාද ෆාතිමා 😍😙💕
ReplyDelete