Tuesday, October 16, 2012

මගේ අවලං ආදරේ..

තරු ගොන්නේ දිළිසෙන,
පුංචිම පුංචි තාරකාවි,
දුරින් හිටියත් හැමදාම,
ඇයි නුඹට මං ,
මේ තරම්ටම ලෙන්ගතු?

නුඹ නොදන්න,
මම විතරක් දන්න,
නුඹේ සුවඳට පෙම් කරන,
ඒ ආදරේ හින්දද,
නුඹට මේ තරම් ලෙන්ගතු....

දිළී හිනැහෙන ඔය දෙනෙත් අග,
දැවී අළු වෙන මගේ හදවත,
මටත් හොරෙන් නුඹ ඉල්ලන,
ඒ ආදරේ හින්දමද,
මං මේ තරම් ලෙන්ගතු....

තරු පිරුනු හැම රෑක,
සයනයේ වැතිරගෙන,
දකින ෆැන්ටසි හීනෙ හින්දද
නුඹට මේ තරම්,
මම ලෙන්ගතු....

නෙලා නොගෙනම දෝතට,
සුවඳ විතරක් විඳින,
මගේ අවලං ආදරේ,
එපා කියන හින්ද වෙන්නැති,
මගේ හිත මේ තරම්ම,
නුඹට ලෙන්ගතු.....................


18 comments:

  1. ලෙන්ගතු හිත අරගෙන ලොක්කයියා කාලෙකින් කළ එළි බැහැල.. ජය වෙවා

    ReplyDelete
    Replies
    1. හම්ම්ම්.. හොඳටෝම වැඩ මචෝ...

      Delete
  2. ගොඩක් දවසකින් දැකීමත් සතුටක්....

    කවිය හැමදාම වගේ ලස්සනයි....

    මගේ අවලං ආදරේ,
    එපා කියන හින්ද වෙන්නැති,
    මගේ හිත මේ තරම්ම,
    නුඹට ලෙන්ගතු.....................

    දිගටම ලියන්න.....

    ReplyDelete
  3. ලෝකයියගේ ලෝකය
    කරයි වෙනස් සිතුවිල්ල
    යුනිකේත කවියක අරුමය
    කරයි නොහික්මුණු ඇස
    හික්මවන්නට

    මයේ අම්මෝ මමත් එකක් ලිව :D

    ReplyDelete
    Replies
    1. හිතන විදිහ, දකින විදිහ මේ හැමදේම වෙනස් ලොක්කයියගේ..

      Delete
    2. එක නම් ඇත්ත , මේ බ්ලොග් එකට ආවම අනිත් ඒවාට වැඩිය ගොඩක් නිදහස් වගේ දැනෙනවා

      Delete
  4. අමුතු කවි ටිකක්.... ඒත් හැමදාම වගේ, ලස්සනයි!!!!

    ReplyDelete
  5. ගින්දර සමග ජලය.. :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. මස් හොදියි අයිස්ක්‍රීමුයි නෙමෙයිද?

      Delete
  6. අනේ මන්ද අපූරු නිර්මාණයක් සහෝ ..

    ReplyDelete
  7. නෙලා නොගෙන සුවඳ විතරක් විඳින ආදරයක් අවලං වෙන්නේ නැහැ ලොක්කයියේ..
    නෙලාගෙන, සුවඳ විඳලා ඉවත දාන්න පුළුවන්කමක් ඇතිව කරන ආදරයයි අවලං වෙන්නේ.

    ජය වේවා!!

    ReplyDelete
  8. ඇල් වතුරට උල් පිහියෙන් ඇන්න වගේ

    ReplyDelete