Sunday, October 21, 2012

මළවුන්ගේ නගරය....

මළ සොහොන ඉවකර,
ආත්මය සොරාගෙන,
රෑ දොළහේ කනිසමට,
නුඹත් එක්ක නිදි වදින්න..
සොහොන් ගැබ හාරන්න,
බකුසු හූව ඇහෙන රෑක,
සඳ ගිලුනු අමාවකක,
උලලේනිගෙ විලපයට,
කීරි ගැහුන හිත අරගෙන...
මං එන්නම් සොඳුරියේ,
මළවුන්ගේ නගරයට...



12 comments:

  1. කවිය පට්ටම ලස්සනයි අය්යේ

    ඇයි මේ මලවුන්ටම කවි ලියන්නේ,, මොකක් හරි විශේෂයක්ද?

    ReplyDelete
  2. මට බයයි මෙයා ;)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  3. යන්න බය නැද්ද?

    ReplyDelete
    Replies
    1. නෑ තාරා... අපි හැමෝගෙම අන්තිම නැවතුමනේ....

      Delete
  4. උල ලේනිගේ විලාපය ඇහුනොත් හිත විතරක් නෙවෙයි මුළු ඇගම කීරි ගැහෙනව බං ! ! !

    අමු සොහොනක රෑ ඉන්න ආසාවක් මටත් තියෙනව ! බො‍රැල්ලේ එකේ නම් ඉදල තියෙනව ...
    මරු නිසදැස

    ReplyDelete
  5. පට්ට....සොහොන් හාරලනම් තියෙනවා

    ReplyDelete
  6. හ්ම්.. නියමයි.මාර හැගීමක්

    ReplyDelete
  7. අපූරුයි සහෝ!

    ReplyDelete
  8. ලස්සනයි සිතුවිල්ල :)

    ReplyDelete
  9. බය හිතෙනවා අාපු ගමන්.නියමයි එත්

    ReplyDelete