Friday, January 18, 2013

ආදරණීය ______

 මම ඔයට ගොඩාරියක් ගොඩාරියක් ආදරෙයි, වචන වලින් කියන්න බැරි තරමට. අදටත් මට උත්තර හොයාගන්න  බෑ, ඇයි මම ඔයාට මේතරම් ආදරේ කියලා. හැමදාම ඔයා ලඟට වෙලා ඉන්න මම ප්‍රාර්ථනා කරනවා. එත් එහෙම වෙන්නෙ නෑ කියල මම දන්නවා.

කියා ගන්න බැරි තරම් දුකක් වේදනාවක් හිතේ තියාගෙන අද මම ඔයාගෙන් ඈත් වෙලා යන්නෙ. හැම මොහොතෙම  ඔයා මගෙ ලඟ ඉන්නවා කියලා මට දැනේවි. මට හරිම පාළුයි. හැමදාම මට කතා කරන්න. එතකොට මට ටිකක් හරි පාළුව මඟ ඇරේවි.  ආයෙමත් දවසක ඔයා ලඟට එන්න මම ඇඟිලි ගනිනවා.. ඒ දවස ඉක්මනින් උදා වෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා. 

මෙච්චර දුකක් කියලා දන්නවා නම් ඔයාට ආදරේ කරන එක, මම කවදාවත් ඔයාට ආදරේ කරන්නෙ නෑ. මම මුළු ජීවිතේම ඔයාට මේ විදිහට ආදරේ කරවි. පණටත් වඩා මම ඔයාට ආදරෙයි. මම එනකන් පරිස්සමින් ඉන්න. බුදු සරණයි ඔයාට.

ආදරණීය _______.

12 comments:

  1. ආදරය එක්කම එන දෙයක් තමා දුක කියන්නේ

    ReplyDelete
    Replies
    1. ඇත්ත සහෝ... ආදරය කරනකොට තමයි දුක වැඩිපුරම දැනෙන්නේ...

      Delete
  2. අපිට ලිවුව ලිපියක් නම් නෙමෙයි වගේ ලොක්කයියෝ.... එත් බොහොම ආදරණියයි.

    ReplyDelete
    Replies
    1. හම්ම්ම් හම්ම්ම්ම් ... ලියපු නෙමෙයි ලැබුන එකක්...

      Delete
  3. ආදරේ බේරෙනවා බොලේ...

    ReplyDelete
    Replies
    1. හ හ හා බේරෙන්න ආදරේ කරේ නැත්නම් වැඩක් තියනවද?

      Delete
    2. රත් අයියා..... භාජනයක් තියලා + කර ගන්න.මතු පොරො'ජනයට....... :D

      Delete
  4. පේමතී ජායතී සෝකෝ...

    ReplyDelete
  5. අම්මෝ ලොකූ මොකද මේ කවදාවත් නැතුව......ආදරේ මහ පුදුම දෙයක්......

    ReplyDelete
  6. I miss u so much..... :(

    ReplyDelete
  7. ලිපිය කොටයි...එත් දැනෙන දේවල් ගොඩයි..ස්තුතියි ලොක්කයියා..

    ReplyDelete