Sunday, April 17, 2016

උනුහුමට අද නුඹ දුරයි....

නුඹ තවම මගෙ ලඟයි,
ලඟ නැතුවත් හිත ලඟයි...
හිත ඉල්ලන්නෙ ඒ උනුහුමයි,
උනුහුමට අද නුඹ දුරයි....

තරු හඬන යාමයයි,
රෑ දකින හැම සිහිනයයි,
හිත ඉල්ලන්නෙ එක හදුවයි,
ඒ ආයේ නුඹ ආවමයි....

෴ ලොක්කයියා ෴

7 comments:

  1. හ්ම්ම්..
    මොනා කරන්නද නේද??

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් ආයෙත් එනකන්ම ඉන්න වෙනවා..

      Delete
  2. ඹ වෙන්ව ගිය බව පිලිගන්නෙ මම කෝම
    නුඹට කල ආදරේ වෙනසක් නෑ මගෙ තාම
    නුඹ දුන්න දුක ඉතිං ඉවසන්නෙ මම කෝම
    නුඹෙ නමින් හඬන්නට කඳුළු ඇත තව බෝම

    සරසවි බිමේ සුවඳැති මල් පිපෙයි හැමදාම
    මල් සුවඳ විඳගන්න අහිමියිද මට ඒ වරම
    නුඹ වෙන්ව ගිය බවක් ඉතින් නොම දැනම
    ගහකොලත් මුමුනාවි මතකයන් අපි ගැනම

    වස්සානය ඇද හැලෙයි කඳුළු කැට අතරින්ම
    තෙමෙන්නට හිතක් නෑ ඉතින් මට පෙරසේම
    වැහි බින්දුවල සිසිල දැනෙන්නේ මට කෝම
    නුඹට ඇති ආදරෙන් උණුසුම්ය හිත තාම

    නවතින්න ඉඩදෙන්න ඔය නීල නෙතු ලඟම
    ගුලිවෙන්න පුලුවන්ද නුඹ දකින සිහිනයෙම
    තනිවෙන්න ඉඩදෙන්න නුඹ ලඟින් හැමදාම
    පවසන්න ඔය මුවින් ආදරෙයි මට තාම.......

    ReplyDelete
    Replies
    1. වචන නෑ කියන්න, සුපිරිම සුපිරි.. මගෙ හිතේ ගොඩක් දේවල් ඇඳුනා..

      Delete
  3. බලාපොරොත්තු අපිව ජීවත් කරවනවා......... බලාපොරොත්තු ගැන විශ්වාස කරන්න..... ඒවා හැබෑ වෙනවාමයි....... කවදාක හරි ඒවා සැබෑ වෙනවාමයි.... ඒ තමා ජීවිතේ හැටි......

    ReplyDelete
  4. නුබ දුර තමයි
    සිත ළග හිදියි
    අපි දුර උණත්
    එක ළග තමයි...

    සිංහල බ්ලොග්ගල..

    ReplyDelete