Tuesday, May 15, 2012

හංසියේ....

ආදරණීය හංසියේ....

මගෙ හිත ආදරෙන් පුරෝපු,
හිමිදිරියට වඩා සොඳුරු,
ඔය සුදු මූහුනට හාදුවක් දෙන්න,
හිතෙනවා මට,
මේ දැන්ම දුවං එන්න..

පෙති දෙපෙති විහිදාන,
පිපුනු මල්ගොමු  පරදන,
නුඹේ ඔය සිනහ මල්,
සුන්දරයි පෙරසේම....

අතීතයේ දොඩමලු උනු,
නුඹේ විසල් දෙනෙත් යුග,
යළි දකින්නට හැන්දෑවක,
පෙරුම් පුරනවා මං හැමදාම...

අහස තරම් දුරින් ඉන්න,
නුඹට මම පොළොව උනාට,
හංස ගීතයේ තනු වයන්න,
තහනමක් ඇත්ද,
මේ සොඳුරු සිතට...

෴ ලොක්කයියා ෴

18 comments:

  1. Replies
    1. විරහවත් එක වෙලාවක්ට සොඳුරුයි නේ....

      Delete
  2. හංස තනුවක නිකැලැල්...
    මුමුනමින් ගී පදවැල්...
    අමුනමින් රෑ තරුමල්...
    එන්න බැද ඇවිදිමු අත්වැල්...

    ReplyDelete
  3. “අහස තරම් දුරින් ඉන්න,
    නුඹට මම පොළොව උනාට,
    හංස ගීතයේ තනු වයන්න,
    තහනමක් ඇත්ද,
    මේ සොඳුරු සිතට...“

    ඇත්තටම හදවතට හුඟක් දැණුනා.......

    ReplyDelete
    Replies
    1. ජීවිතේට ළඟ දේවල් හදවතට දැනෙනවා..

      Delete
  4. පස්ට.... හැමදාම දාන පොටෝව නං සෙක්සි ආ... :-)

    ReplyDelete
    Replies
    1. Thanks මචං, ෆොටෝස් නම් ඉතින් මොනාද... හි හි හී

      Delete
  5. උනුසුම් හැගෙම් වලට දුක එකතුකරලා.. පද ටික ලස්සනට ගලපලා

    සුභ පැතුම්!!!

    ReplyDelete
  6. //අතීතයේ දොඩමලු උනු,
    නුඹේ විසල් දෙනෙත් යුග,
    යළි දකින්නට හැන්දෑවක,
    පෙරුම් පුරනවා මං හැමදාම...//

    අතීතයෙ සමහර මතක එක්ක ආයෙමත් ඒ අතීතෙම ඉන්න තිබ්බනම් කියලා හිතෙන වෙලාවලුත් තියෙනවානෙ..

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත, එත් සමහර වෙලාවට ආපහු හැරෙන්න බැරි තරමට දුර ගිහින්..

      Delete
  7. අහස තරම් දුරින් ඉන්න, නුඹට මම පොළොව උනාට............

    මටත් පරණ දෙවල් මතක් උනා....

    ReplyDelete
    Replies
    1. අතීතය කියන්නෙ අපේ මතකයෙන් කවදාවත්ම ගිලිහෙන්නෙ නැති දෙයක්.

      Delete
  8. //අහස තරම් දුරින් ඉන්න,
    නුඹට මම පොළොව උනාට//

    එතකොටයි ආදරේ දැනෙන්නේ..
    හරියට
    වියෝ වූ පසුව යි දැනෙන්නේ
    ප්‍රේමයේ අභිමන්. වගේ!!

    ජය!

    ReplyDelete
    Replies
    1. ඇත්ත මචං, නැති උන දේවල්වල අගේ වැඩියි.... ස්තුතියි මේ පැත්තෙ ආවට..

      Delete
  9. 'හංසියේ' හ්ම් මගෙ ජීවිතේට ගොඩක් ලං වුණු වචනයක්......

    ReplyDelete