Tuesday, May 22, 2012

සිප ගන්න එක වරක්...

බලන්න මොහොතකට,
නැවතී එක් වරක්,
ගෙවීගිය අතීතයෙන්,
දෙන්න මට බිඳුවක්.....

හිනැහිලා නෙතුසලා,
සිප ගන්න එක වරක්,
රඳවන්න දෙතොලඟ,
නලලත මොහොතක්....

තුරුළු වෙලා ඉකිබිඳින්න,
දෙන්න මට මොහොතක්,
උණුහුමට ගුලි වෙලා,
‍රැ‍ඳෙන්න තව මොහොතක්....

ගිලිහුනු අතීතයට,
යන්න  බෑ දැන් ආයෙත්,
නුඹේ සෙනෙහස ලඟ,
ගොළු වෙලා මං තාමත්.........

෴ ලොක්කයියා ෴

11 comments:

  1. කවදාක නිදහස්වෙයිද
    මගේ හිත ඇතුලෙන්ම
    මම.....

    ReplyDelete
  2. හරිම පුන්චි දේවල් ටිකක්නේ ඉල්ලා තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. පුංචි පුංචි දේවල් වල තමයි මචෝ ආදරේ ‍රැඳිලා තියෙන්නේ..

      උඹත් ඉල්ලලා බලපන්කෝ....

      Delete
    2. උබ ඉල්ලපු එක්කෙනාගෙන්ම.... කමක් නැද්ද බං

      Delete
  3. ලස්‌සනම ලස්‌සනයි

    ReplyDelete
  4. ගොළු වෙලා මන් තාමත්
    ලස්සනයි

    ReplyDelete
  5. පුංචි පුංචි දේවල් ගොඩාක් ලැබෙනවානම් කොච්චර ලස්සනද ජීවිතේ ?

    ReplyDelete
    Replies
    1. හම්ම්ම්ම්ම්ම් ඇත්ත....

      Delete