Friday, August 3, 2012

එකම එක ‍රැයක්

රාත්‍රිය නිහඬයි..
මතකයන් අමරණීයයි..
නුඹ හා ගෙවුනු එකම මොහොත,
හිතට හරි උනුහුමයි....

නිහඬවම දෙතොල් සිපගෙන,
උනුහුමට ගුලිව සැඟවුන,
ඉකිගසා හඬන නුඹ,
අහිමි බව නොදැනුනා මට....

නිදි යහන පුරාවට,
අහිමිවුනු නුඹේ සුවඳ,
තරු පිරුනු අහස යට,
විසිරිලා හැමතැනම...............

අපි අපේ නොවන බව,
නොදැන අපි ලං වෙලා..
රත්‍රිය පුරාවට
සොඳුරු සිහිනෙක මම දැව‍ටුනා...

සැඟවිලා මේ සම්මතයෙන්,
අසම්මත උනා නම් මොහොතකට
එකම එක ‍රැයක්,
නුඹත් මමත්............................

18 comments:

  1. හැඟීම්බරව ලියල තියනවා ඔබ..අපූරු නිර්මාණයක්!

    ReplyDelete
    Replies
    1. හැගීම් හික්ස් ......
      හිරෑ නිදන් කථාව නොදැනනේ කොමෙන්ට් කොරල තියෙන්නේ...

      Delete
    2. නිදන් කතාව ඉතින් කොහොමද අනේ දන්නේ? :) මට දැනුන දේ කිව්වේ.

      Delete
  2. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. ප්‍රසිද්ධියේ සමාව ඉල්ලනවා.......වැරදි දෙයක් කියවුණානම් සමාවෙන්න....

      මේ කමෙන්ට් එකනම් අයින් කරන්න එපා......

      Delete
  3. අසම්මත කවක්....

    ReplyDelete
  4. අසම්මතය කිව්වම මතක් වුනේ..

    http://asammathayen.blogspot.com/

    ReplyDelete
  5. ශික් බැලෙන්නෙම පින්තුරෙනෙ

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. රාත්‍රිය නිහඬයි..
    මතකයන් අමරණීයයි..
    නුඹ හා ගෙවුනු එකම මොහොත,
    හිතට හරි උනුහුමයි....

    ReplyDelete
  8. අසම්මත කවක්...
    නමුත් ලස්සනයි.. :)

    ReplyDelete
  9. කවිය ඉහළම සාර්තක කවියක්. අදහසත්, ඒ සදහාි යෙදු නිසඳැස් කවි බසත් රසවත්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි රත්නායක මහත්තයා...

      Delete
  10. සරලයි සුගමයි ලස්සනයි...

    ReplyDelete
  11. අසම්මතයි කියන්නේ පට්ට අසම්මතයිද මන්දා..
    අනේ මන්දා ඉතිං..

    ReplyDelete