Tuesday, August 14, 2012

කන්‍යාවිය...

අසම්මත හදුවෙන්
ගැබ්බරයි ඇය....
පහන් කණුව යට එළියෙන්
වීදි සරන සමනළිය ඇය....

සෙනෙහස නොවින්දත්
ගත සනසවන ඇය...
තරු පිරි අහසට
සුසුම් හෙලන ඇය...

සම්මත මිනිසුන්
තුරුලේ සනසන ඇය..
අසම්මත ලොකයේ
සුන්දර පෙම්වතිය ඇය...

ආදරය නොවින්දත්
විරහව විඳින ඇය...
නෙතු පිරුනු කඳුලු කැට
ලොවට හොරෙන් වියලන ඇය..

සම්මත මිනිසුන්ගේ
රතී දෙවඟන ඇය.....
අසම්මතයේ සොඳුරු මිනිසාට
කන්‍යාවියකි තවම ඇය...............


21 comments:

  1. පද ටික නම් එළ.
    අසම්මත මිනිසුන්ගේ නිහැඩියාව මතින් බිහිවු කන්්‍යාවිය තවම ඇය.

    ReplyDelete
  2. අසම්මතයේ සොඳුරු මිනිසාට
    කන්‍යාවියකි තවම ඇය...............

    ලස්සනයි!!!

    ReplyDelete
  3. පට්ට සිරා බන් .....

    ReplyDelete
  4. හරිම ලස්සනයි.. ළඳුනේ සින්දුව මතක් වුනා..

    ReplyDelete
  5. මං මේ ගනං කරේ පොටෝ එකේ කීයක් ඉන්නවද කියලා..

    ReplyDelete
    Replies
    1. එක කෙල්ලයි කොල්ලෝ තුනයි මම හරිධ කොහෙද ;) මමත් ඕකම තමයි වැඩිවෙලාවක් කලේ

      Delete
    2. හි හි හී හරි හරි..

      Delete
  6. කියන්න වදන් නෑ මේ නිර්මාණය ගැනනම්, උපරිමයි

    ReplyDelete
  7. සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  8. වලංගු
    මිනිසුන්
    අතරේ
    ගැවසෙන
    අවලංගු
    කාසිය

    ReplyDelete
  9. ඇත්තමයි මේක නම් උපරිමයි සහෝ !

    ReplyDelete
  10. කවිය කියවීම පැත්තකට දමා පින්තුරේ බැලුවේ නැතිලු ඈ

    ReplyDelete
  11. හ්ම්ම්ම්ම්ම්ම්ම්..

    ReplyDelete
  12. හරිම ලස්සනයි....කවිය...

    ReplyDelete
    Replies
    1. අපේ අච්චි අම්ම කියනවා කරන්දෙණියේ ඉන්නෙ ඔක්කොම අපේ නැදෑයො කියලා.

      Delete
  13. \\අසම්මතයේ සොඳුරු මිනිසාට
    කන්‍යාවියකි තවම ඇය//

    සමහර වෙලාවට අසම්මතය කොයි තරම් නම් අපූරුදු, සුන්දරද.

    කාලෙකින් කියවපු අපූර්වතම පද වැලක්..

    ReplyDelete