Friday, September 7, 2012

සයනයේ සිහිනය...

නුඹ ගිහින් දුර ගිහින්,
මට නොපෙනෙන්න නුඹ
සැඟව ගිහින්....
ආදරෙන් සිත පුරවලා මගෙ,
නොකියාම මට නුඹ ගිහින්...

අහිමි වෙලා අද නුඹෙ සුවඳ,
හිමිදිරිය සේ දැනුන..
හඬවලා මගෙ මුලු සිතම,
නුඹ ගිහින් දුර ගිහින්....

සිත්තමක් වගේ ඔය,
සිනාසුන සඳවතිය නුඹ
සිත් අහස කළුකරන් අද,
නොකියාම මට නුඹ ගිහින්....

සිඹින්නට මුව මඬළ,
ලබන්නට නුඹේ උනුහුම,
දු‍ටුව මගෙ සයනයේ සිහිනය,
බොඳකරන් අද නුඹ ගිහින්........

17 comments:

  1. හ්ම්ම්ම්ම්ම්...

    ReplyDelete
  2. සිහිනයේ වේදනා...
    හද කුටියේ පුරවලා...
    අයෙ දවසක එන්න...
    අද දිනේ නුඹ ගිහින්....

    ReplyDelete
  3. ගිය දේ කතා කර වැඩක් නැත.:/
    නමුත් පද ටික අපුරුයි!

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත හිරු.. Path එක මාරු කරන්න ඕනේ..

      Delete
  4. දුර ගියත් නොකියාම
    පාළුවක් දැනෙනු ඇත
    වේදනා කඳුලු තුල
    අතීතය මැවෙනු ඇත

    ReplyDelete
  5. ම්ම්ම්... අපූරු පද ටිකක්....

    ReplyDelete
  6. සිත්තමක් වගේ ඇදී
    සිනාසුන ඒ සඳවතිය...
    සිත් අහස එකලු කරන් හෙට
    නොපමාව ඒවි නුබ ළගට....

    ලස්සනයි ලොක්කයියගේ කවි සිතිවිල්ල....

    ReplyDelete
  7. නිර්මානාත්මකව ගෙතුනු ලස්සන අදහසක්. කවියත් අදහසත් දෙකම අපුරුයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රත්නායක මහත්තයෝ මේ ටිකේ හොඳටම වැඩ, Reply කරන්නවත් වෙලා මදි..

      Delete
  8. ලස්සනයි.. සරලයි.. අර්ථවත්..
    ප.ලි. බ්ලොග් එකේ පින්තූරේට නම් මම මාර ආසයි..

    ReplyDelete
  9. giyapu ayata yanna denna loku....inna ayata sathutin laga inna denna.lassana kawi ada tika.lassanama lassanayi

    ReplyDelete
  10. අනේ මට නම කවි එහෙමට බෑ , එත් මේ ටික කියවන කෙනෙක්ගේ හිතට දැනෙන්න නම ලියල ,
    ඔබට ජය !

    ReplyDelete