Sunday, November 18, 2012

ප්‍රමිලා..

රජ සැප මොනවට,
නුඹ නැති යහන් ගැබ..
ප්‍රේමය නිසා නොවෙද,
බිසවුනි උනේ නුඹ අගබිසව...

මිණි මුතු නොවෙද,
නුඹෙ වත සරසන්නට....
පිරිවර ලඳුන් නැතිවද,
නුඹේ තනි නොතනියට....

නිරිඳුන් නිසා මම,
මදුර පුර කුල කුමරිය නුඹ,
නොවුනිද අද නුඹ,
සෙංකඩගල රජ කුමරිය...

රනින් බැඳි පියල්ලෙන්,
නුඹ පිදූනා නොවෙද,
සිරියහන අරා ගිය,
සුවඳ තවමත් මගෙ නේද...

කවිය නුඹ මා වෙන්කලාද,
කපුරු මලකට මම පෙම් කරාද,
සඳුන් දැව යහන මට අකෑපයිද,
දස්කොන්ට මිණි බැඳි දොර ඇරුනාද...?





8 comments:

  1. හිසට වන් මිණි කිරුළ
    ගෙලේ වන් රන් මාල
    දෑත දෙවගේ බරණ
    ප්‍රේමයද හිමි සඳුනි

    ස්නේහයේ වදනකට
    සුමුදු ස්පර්ෂයට
    උණුසුන්ම සුසුමකට
    සමවේද යස ඉසුර

    ශක්තිමත් භාහුතර
    දැනුනි මට රැකවරන
    නොලද කල ඔබෙන් එය
    බැඳුනි දස්කොන් වෙතට

    ReplyDelete
  2. නියමයි... කලින් ඒකට ෙදවනි නෑ.

    ReplyDelete
  3. රජ කාලේ ඒ විදිහටම මවල පෙන්නනවා හිතේ

    ReplyDelete
  4. වචන හැසිරවීම නම් නියමයි ලොකූ.....

    ReplyDelete
  5. බොහොම සුන්දර අඩවියක්නේ හරිම ආස හිතුනා මෙතැනට.
    එන්න සමකය වටේ රවුමක් යන්න

    ReplyDelete